Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා කනිෂ්ඨ මේසපන්දු පිල ඉන්දියාවට

ශ්‍රී ලංකා කනිෂ්ඨ මේසපන්දු පිල ඉන්දියාවට

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීයාවේ ගෝව නගරයේදී පැවැත්වෙන නැංජින් යොවුන් ඔලිම්පික් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය සහ ඉන්දියානු කනිෂ්ඨ විවෘත මේසපන්දු තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩකයන් සහ නිලධාරීන් 5 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගීවීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමට උදය රණසිංහ, ප‍්‍රසාද් ද සිල්වා සහ තිලින විජේසිරි යන කී‍්‍රඩකයන් ඇතුළත්ව සිටින අතර පුහුණුකරු සහ කණ්ඩායම් කලමණාකරු ලෙස රුසිරු තරංග මහතාද, අන්තර් ජාතික විනිසුරුකරුවකු ලෙස ප‍්‍රදීප් නිශාන්ත මහතාද ඊට ඇතුළත්ව සිටිති.

නැංජින් යොවුන් ඔලිම්පික් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය මේ මස 23 සහ 24 යන දින වලදී පැවැත්වෙන අතර වත්මන් ශ්‍රී ලංකා ජාතික මේසපන්දු ශූරයා වන උදය රණසිංහ ඊට සහභාගීවේ. යොවුන් ඔලිම්පික් තරගාවලියට සහභාගීවීමට නම් මෙම තරගාවලියේදී ඔහුට ඒ සඳහා අවශ්‍ය පරිසාධන මට්ටම ඉක්මවා යෑමට සිදුවේ.

ඉන්දියානු කනිෂ්ඨ විවෘත මේසපන්දු තරගාවලිය මේ මස 25 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වෙන අතර උදය රණසිංහ, ප‍්‍රසාද් ද සිල්වා සහ තිලින විජේසිරි යන කී‍්‍රඩකයන් තිදෙනාම ඊට සහභාගී වෙති. මෙහිදී මෙම කී‍්‍රඩකයන් තිදෙනාම මහනුවර විද්‍යාර්ථ විදුහල නියෝජනය කරන කී‍්‍රඩකයන් වීම කැපීපෙනේ.


අදහස් (0)

ශ්‍රී ලංකා කනිෂ්ඨ මේසපන්දු පිල ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.