වෙළඳ සේවා බැඞ්මින්ටන් සංගමය මගින් 30 වැනි වරටත් සංවිධානය කරන වෙළඳ සේවා අන්තර් සමාගම් කණ්ඩායම් බැඞ්මින්ටන් තරගාවලිය මේ මස 24 වැනිදා සිට දෙසැම්බර් මස 1 වැනිදා දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පැවැත්වීමට නියමිතය.
තරගාවලියේ පිරිමි තරග ඒ, බී, සී, ඞී, ඊ, එෆ්, ජී සහ එච් යන කාණ්ඩ 8 යටතේ පැවැත්වෙන අතර කාන්තා තරග ඒ, බී, සී, ඞී සහ ඊ යන කාණ්ඩ 5 යටතේ පැවැත්වේ.
ඊට අමතරව අවුරුදු 40 න් ඉහළ ජේෂ්ඨ පිරිමි සහ අවුරුදු 35 න් ඉහළ ජ්‍යෙෂ්ඨ කාන්තා යන කාණ්ඩ 2 සඳහාද තරග පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු සූදානම් කර ඇත.
ඩියුලක්ස් සමාගම මෙවරද තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන අතර ඔවුන් මේ වන විට 15 වරක් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කර තිබේ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.