වූෂු ක‍්‍රීඩාවේ ජාතික වශයෙන් දක්‍ෂතා දැක්වූ රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයේ සිසුවියෝ තිදෙනෙකුට සහ රත්නපුර ඇලෝසියස් ජාතික පාසලේ ශිෂ්‍යයෙකුට තායිලන්තයේ රැුන්ග්ෂිට් නුවර වූෂු විශ්ව විද්‍යාලයේදී සිය කුසලතා වර්ධනය පිණිස පුහුණුව සහ වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ලබාදීමට ශ‍්‍රී ලංකා ෂෙන් යැන්ග් වූෂු සංගමය කටයුතු සලසා ඇත.
වූෂු ක‍්‍රීඩාවේ ජාතික මට්ටමේ දක්‍ෂතා දැක්වූ රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයේ කේග එම්ග චමදි ගිම්හානිල අමීෂා ඉසුරි තල්දුවල ඩබ්ලිව්. එස්ග යසෝදරා යන ශිෂ්‍යාවන් තිදෙනාත් රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ ඉසුරු දීමන්ත ශීෂ්‍යයාත් මෙම පාඨමාලාවට හැදෑරීම සඳහා හෙට (5 වැනිදා) තායිලන්තය බලා පිටත්ව යති.
මෙම වූෂූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට තායිලන්තයේ රැුන්ග්ෂිට්හි වූෂු විශ්ව විද්‍යාලය මගින් වූෂූ ක‍්‍රීඩාව සඳහාවූ විශේෂ ඩිප්ලෝමා පාඨමාලාවක් නොමිලයේ හැදෑරීමේ අවස්ථාව සහ පහසුකම් සලසා ඇති බව එම පිරිස සම`ග විදෙස් ගතවන රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ වූෂූ පුහුණුකරු කේ. ජී. ටිරෝන් කුමාර මහතා පැවසීය.
ඡායාරූපය
තායිලන්තයේ රැන්ග්ෂිට් නුවර වූෂු විශ්ව විද්‍යාලය බලා පිටත්ව යාමට සූදානමින් සිටින රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයේ කේ. එම්. චමදි හිම්හානිල අමීෂා ඉසුරි තල්¥ව, ඩබ්ලිව්. එස්. යසෝදරා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.