Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වූෂූ ජාතික කනිෂ්ඨ තරගාවලියට අයැදුම්පත් කැඳවයි

වූෂූ ජාතික කනිෂ්ඨ තරගාවලියට අයැදුම්පත් කැඳවයි

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වුෂූ සංගමය සංවිධානය කරන ජාතික කණිෂ්ඨ වුෂූ තරගාවලිය ලබන වසරේ ජනවාරි මස 16 වැනිදා සිට 19 වැනිදා දක්වා අඹේපුස්ස යුද හමුදා කඳවුරේ සිංහ රෙජිමේන්තු ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පැවැත්වේ.  

මෙය ලෝක කණිෂ්ඨ වුෂූ තරගාවලිය සඳහා තේරීම් තරගාවලියද වන අතර, මෙම තරගාවලිය අවසානයේ තෝරාගනු ලබන කණ්ඩායම ලබන වසරේ මාර්තු මස 11 වැනිදා සිට 18 වැනිදා දක්වා තුර්කියේ අන්ටාල්යා නුවරදී පැවැත්වීමට නියමිත 5 වැනි ලෝක කණිෂ්ඨ වුෂූ තරගාවලියට සහභාගීවීමට සුදුසුකම් ලබනු ඇත.

ලෝක කණිෂ්ඨ වුෂූ තරගාවලියේදී එම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් දක්වන දස්කම් අනුව ඔවුන්ට ලබන වසරේ චීනයේ නැංජින් නුවර පැවැත්වෙන තරුණ ඔලිම්පික් වුෂූ තරගාවලියට සහභාගීවීමටද අවස්ථාව උදාවේ.  

සිව්වැනි වැනි වරට පැවැත්වෙන මෙම තරගාවලිය තා ඕලූ හා සන්දා යන අංශ දෙකෙන්ම වයස් කාණ්ඩ 3 ක් යටතේ පැවැත්වෙන අතර එහිදී කී‍්‍රඩකයන් වෙනුවෙන් බර පංති 7 ක් (කි. ග‍්‍රෑ. 48, 52, 60, 65, 70, 75, 80) යටතේද, කී‍්‍රඩිකාවන් වෙනුවෙන් බර පංති 4 ක් (කි. ග‍්‍රෑ. 48, 52, 56, 60) යටතේද තරග පැවැත්වේ.
 
තරගාවලියේ අයදුම්පත් බාරගැනීම ජනවාරි මස 10 වැනිදායින් අවසන් වන අතර තරගාවලියට සහභාගීවීමට අවශ්‍ය තරගකරුවන්ට සහ තරගකාරියන්, මහ ලේකම්, ශ්‍රී ලංකා වුෂූ සම්මේලනය, 63 ් එපිටමුල්ල පාර, පිටකෝට්ටේ, කොට්ටේ යන ලිපිනයට අයදුම්පත් යොමු කළ යුතුය.

තරගාවලිය පිළිබඳ වැඩි දුර තොරතුරු 071-5351910 යන දුරකථන අංකය ඔස්සේ තරග කමිටු ලේකම් ඇමතීමෙන් දැනගත හැක.  

 


අදහස් (0)

වූෂූ ජාතික කනිෂ්ඨ තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.