Last Update  :  2025-05-24 19:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වුෂූ සම්මේලනයේ නිලවරණය අත් හිටුවයි

වුෂූ සම්මේලනයේ නිලවරණය අත් හිටුවයි

editorial - 2025 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

අගහරුවාදා (20) පැවැත්වීමට සූදානම් කර තිබූ ශ්‍රී ලංකා වුෂූ සම්මේලනයේ නිලවරණය (2025 -27) තාවකාළිකව අත්හිටුවන ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා නිලවරණ කමිටුවට නියම කර තිබේ. ඒ ශ්‍රී ලංකා පාසල් වුෂූ සංගමයේ වත්මන් ලේකම් ජේ.එම්.එන්.එස්.සිරිසේන මහතා විසින් දූෂිත වුෂූ පරිපාලනය හා වුෂූ සම්මේලනයේ නිලවරණය මැයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට යොමු කළ ලිඛිත පැමිණිලි දෙකක් සළකා බැලීමෙන් පසුවය.

ඒ පිළිබදව නිලවරණ කමිටුවට අවධාරණය කර ඇති ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම පැමිණිළි සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කිරීම සදහා ත්‍රී පුද්ගල කමිටුවක්ද පත් කර තිබේ. ප්‍රධාන ගණකාධිකාරි එස්.ඩීඑන්.ඒ.පාලිත මහතා එහි සභාපතිවරයායි. පරිපාලන නිලධාරිනී චන්දිමා එම්.වන්නිආරච්චි මහත්මිය හා සහකාර අධ්‍යක්ෂ (ක්‍රීඩා) එස්.එම්.ඒ.විජේසිංහ මහතා එහි සෙසු සාමාජිකයෝ වෙති.

එම කමිටුව විසින් අදළ පැමිණිලි සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ෂණයේ තීන්දුව ලැබෙන තුරු වූෂූ සම්මේලනයේ නිලවරණය අත්හිටුවිය යුතු බවට එහිදී ඔහු වැඩිදුරටත් නිලවරණ කමිටුවට උපදෙස්දී තිබේ. 2024 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝග මාලාවේ දෙවැනි කොටසේ 5 (6)වගන්ති ප්‍රකාරව මෙම විමර්ෂණය සිදු කරන බවත් එහිදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම්දී තිබේ.

ලබන අගහරුවාදා පෙරවරු 9.30 ට කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා සමාජ ශාලාවේදී වූෂූ සම්මේලනයේ මීළග නිලවරණය පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.පාර්ශව දෙකකින් ඊට නාමයෝජනා බාරදී තිබුණි. සම්මේලනයේ වත්මන් ලේකම් කිත්සිරි සුබසිංහ හා විජිත් එදිරිසිංහ යන මහත්වරු එහිදී සභාපති ධූරයට නාමයෝජනා බාරදී තිබුණි.

 


අදහස් (0)

වුෂූ සම්මේලනයේ නිලවරණය අත් හිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.