Last Update  :  2025-12-21 20:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වුෂු ආධාර දෙන්න චීන දුත පිරිසක් ලංකාවට

වුෂු ආධාර දෙන්න චීන දුත පිරිසක් ලංකාවට

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශී‍්‍ර ලංකාවේ වුෂු කී‍්‍රඩාවට අවශ්‍ය තාක්ෂණික විශේෂඥ සහය ලබාදීම සහ වුෂු කී‍්‍රඩා උපකරණ ප‍්‍රධානය කිරීමේ අරමුණින් චීනයේ නියෝජ්‍ය කී‍්‍රඩා අමාත්‍ය සහ චීන ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති ෂියාවෝ තියෑන් මහතා ප‍්‍රමුඛ දුත පිරිසක් මැයි මස 3 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා වුෂු සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්ති මහතා කළ ආරාධනාවකට අනුව ඔවුහු මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙති.

මෙම දුත පිරිසට චීන නියෝජ්‍ය කී‍්‍රඩා අමාත්‍යවරයාට අමතරව අන්තර් ජාතික වුෂු සම්මේලනයේ තාක්ෂණික කමිටු සභාපති සහ චීන වුෂු සම්මේලනයේ උප සභාපති වං යුලොං, අන්තර් ජාතික වුෂු සම්මේලනයේ ප‍්‍රවර්ධන සහ පුහුණු කටයුතු අධ්‍යක්ෂ චාං වංනාන්, ෂියාවෝ තියෑන් මහතා පෞද්ගලික සහකාර දිං යී යන මහත්වරුන් සහ චීන වුෂු සම්මේලනයේ විදේෂ කටයුතු අධ්‍යක්ෂිකා චං ෆං මහත්මිය ඇතුළත් වෙති.

මැයි මස 6 වැනිදා දක්වා දිවයිනේ ගතකරන මෙම දුත පිරිස, කී‍්‍රඩා සහ සංචාරක අමාත්‍ය නවීන් දිසානායක මහතා සහ ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා හමුවී දෙරට අතර වුෂු කි‍්‍රඩාවේ සහ වෙනත් කී‍්‍රඩාවන්හි ප‍්‍රගමනය උදෙසා ගත යුතු කි‍්‍රයාමාර්ග සාකච්ඡ කිරීමට අදහස් කිරීමටද නියමිතය.

 
- 036


අදහස් (1)

වුෂු ආධාර දෙන්න චීන දුත පිරිසක් ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.