Last Update  :  2024-05-07 23:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports විවෘත මුහුදු පිහිනුම් තරගාවලිය දෙසැම්බර් මස 9 දා

විවෘත මුහුදු පිහිනුම් තරගාවලිය දෙසැම්බර් මස 9 දා

editorial - 2023 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ ලයන් ජල ක්‍රීඩා සමාජය 14 වැනි වරටත් සංවිධානය කරනු ලබන කිලෝමීටර්  2 විවෘත මුහුදු පිහිනුම් තරගාවලිය  දෙසැම්බර් මස 9 වැනිදා පෙරවරුවේදී අම්බලන්ගොඩ ඌරවත්ත වෙරළ තීරයේදී පැවැත්වේ.

තරගාවලිය සදහා දිවයිනේ පිහිනුම් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 300 ක් පමණ සහභාගීවීමට නියමිත බව අම්බලන්ගොඩ ලයන් ජල කීඩා සමාජය කියයි. මේ පිහිනුම් තරගාවලිය කාන්තා සහ පිරිමි වශයෙන් වෙන වෙනම පැවැත්වෙන බවද එම ක්‍රීඩා සමාජය කියයි.

ශ්‍රී ලංකා ජල කීඩා සංගමය විසින් පනවා තිබෙන නීතිරීති අනුව  මේ පිහිනුම් තරගාවලිය පැවැත්වෙන බවත්  තරගාවලියට සහභාගීවන පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව සදහා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ජීවිතාරක්ෂක නිලධාරීන් එදිනට කැදවා තිබෙන බව ද තරග සංවිධායක චතුක ද සිල්වා මහතා පැවසීය.


අදහස් (1)

විවෘත මුහුදු පිහිනුම් තරගාවලිය දෙසැම්බර් මස 9 දා
  • Milan pramuditha Wednesday, 06 December 2023 04:09 PM

    ඇත්තටම හොඳ අවස්ථාවක්... ඒක පිහිනුම් ක්‍රීඩාව ඉදිරිය වෙනුවෙන්...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.