Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports විද්‍යාරතන - ප‍්‍රජාපතී ඩයන් ගෝමස් බොක්සිං ශූරතා දිනති

විද්‍යාරතන - ප‍්‍රජාපතී ඩයන් ගෝමස් බොක්සිං ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ ඩයන් ගෝමස් අභියෝග ශූරතා කනිෂ්ඨ බොක්සිං තරගාවලියේ බාලක ශූරතාව දිනාගැනීමට හොරණ විද්‍යාරතන පිරිවෙන සමත්විය. ඔවුන් මෙම ශූරතාව පිට පිට දිනාගත් හත්වැනි අවස්ථාව වන අතර රන් පදක්කම් 5 ක්ද සමගින් ප‍්‍රසාද ලකුණු 35 ක් රැස්කරමින් ශූරතාවට හිමිකම් කීහ.

පාසල් බොක්සිං කී‍්‍රඩාවට අලූතින් එක්වූ විද්‍යාලයක් වන හොරණ ප‍්‍රජාපතී බාලිකා විද්‍යාලය රන් පදක්කම් 5 ක් සහ ප‍්‍රසාද ලකුණු 38 ක් ලබාගනිමින් තරගාවලියේ බාලිකා ශූරතාව දිනාගැනීමට සමත්විය.

පින් වේට් බර පංතියෙන් (කිලෝ ග‍්‍රෑම් 30 - 32) තරග වැදුණු හොරණ විද්‍යාරතන පිරිවෙනේ ඩබ්.ඒ.ඞී. තාරක තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනූ අතර ෆෙදර් වේට් බර පංතියෙන් (කිලෝ ග‍්‍රෑම් 42) තරග වැදුණු නාරංදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ ඒ.එච්.එන්. නදීශානි දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.

ෆ්ලයි වේට් බර පංතියෙන් (කිලෝ ග‍්‍රෑම් 46) තරග වැදුණු මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ඩබ්.ඒ.එස්. මධුෂංක තරගාවලියේ දක්ෂතම පාරාජිතයා ලෙසත්, එම බර පංතියෙන්ම තරග වැදුණු ගාමිණි මධ්‍ය මහා විද්‍යාලයේ කේ.වී.වී. සිව්රංගි දක්ෂතම පරාජිකාව ලෙසත් සම්මාන ලැබූහ. ප‍්‍රසාද ලකුණු 16 ක් ලබාගත් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ සහ ප‍්‍රසාද ලකුණු 14 ක් ලබාගත් මාස් යුනිචෙලා ආයතනය පිළිවෙළින් බාලක අංශයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනාගත්හ.

නාරංදෙණිය මධ්‍ය මහා විද්‍යාලය ප‍්‍රසාද ලකුණු 17 ක් ලබාගනිමින් සහ ගාමිණි මධ්‍ය මහා විද්‍යාලයේ ප‍්‍රසාද ලකුණු 13 ක් ලබාගනිමින් පිළිවෙළින් බාලිකා අංශයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට පත්වූහ. කොළඹ රාජකීය විද්‍යාලයේ ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පැවැති මෙම 8 වැනි ඩයන් ගෝමස් අභියෝග ශූරතා කනිෂ්ඨ බොක්සිං තරගාවලියට පාසල් සහ කී‍්‍රඩා සමාජ 32 ක් නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 112 ක් සහ කී‍්‍රඩිකාවෝ 52 ක් සහභාගී වූහ.

අන්තර්ජාතික බොක්සිං තාක්ෂණික නිලධාරියෙකු සහ හිටපු ජාතික ශූරයකු වන ආර්. කේ. ඉන්ද්‍රසේන මහතා තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගිවිය.


පිරිමි තරග ප‍්‍රතිඵල

පින් වේට් (කිලෝ ග‍්‍රෑම් 30 - 32) බර පංතිය
ඞී. ඞී. තාරක (හොරණ විද්‍යාරතන පිරිවෙන) විසින් ජී. එස්. පියංකර -පේරාදෙණිය කණිෂ්ට විද්‍යාලයපරාජය කරන ලදී.

ලයිට් ෆ්ලයි වේට් (කිලෝ ග‍්‍රෑම් 34) බර පංතිය
පී. වයි. ජයලත් (හොරණ විද්‍යාරතන පිරිවෙන) විසින් කේ. එස්. කුමාර (මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය) පරාජය කරන ලදී.

ෆ්ලයි වේට් (කිලෝ ග‍්‍රෑම් 36) බර පංතිය
ඞී. අයි. අමරසූරිය (පේරාදෙණිය කනිෂ්ඨ විද්‍යාලය) විසින් ඒ. එස්. මදුෂංක (මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය) පරාජය කරන ලදී.

ලයිට් බැන්ටම් වේට් (කිලෝ ග‍්‍රෑම් 38) බර පංතිය
එම්. එන්. රතනපි‍්‍රය (මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය) විසින් ටී. එච්. කොඩිතුවක්කු (කඩුගන්නාව මධ්‍ය මහා විද්‍යාලය) පරාජය කරන ලදී.

බැන්ටම් වේට් (කිලෝ ග‍්‍රෑම් 40) බර පංතිය
එස්. එන්. රාජපක්ෂ (මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය) විසින් ඒ. ඞී. මදුෂංක (හොරණ විද්‍යාරතන පිරිවෙන) පරාජය කරන ලදී.

ෆෙදර් වේට් (කිලෝ ග‍්‍රෑම් 42) බර පංතිය
ඒ. එම්. ජයනාත් (ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය) විසින් පී. ටී. ඉශාන් (කඹුරුපිටිය මහ විද්‍යාලය) පරාජය කරන ලදී.

ලයිට් වේට් (කිලෝ ග‍්‍රෑම් 44) බර පංතිය
වී. එල්. එරන්ද (ගාමිණී මධ්‍ය මහ විද්‍යාලය) විසින් එස්. එම්. දිල්ශාන් (කඹුරුපිටිය මහ විද්‍යාලය) පරාජය කරන ලදී.

ලයිට් වෙල්ටර් වේට් (කිලෝ ග‍්‍රෑම් 46) බර පංතිය
එස්. එම්. ද සිල්වා (මාස් යුනිචෙලා) විසින් එම්. සී. ධනංජය (ශ්‍රී මේධාලංකාර මහා විද්‍යාලය) පරාජය කරන ලදී.

වෙල්ටර් වේට් (කිලෝ ග‍්‍රෑම් 48) බර පංතිය
ජේ. ඞී. ප‍්‍රනාන්දු (පිළිමතාලාව මධ්‍ය මහ විද්‍යාලය) විසින් ඒ. වී. කවීෂාන් (හොරණ විද්‍යාරතන පිරිවෙන) පරාජය කරන ලදී.

ලයිට් මිඞ්ල් වේට් (කිලෝ ග‍්‍රෑම් 50) බර පංතිය
ජේ. කේ. දර්ශන (හොරණ විද්‍යාරතන පිරිවෙන) විසින් ආර්. ඞී. ඩිල්ශාන් (පිළිමතාලාව මධ්‍ය මහා විද්‍යාලය) පරාජය කරන ලදී.

මිඞ්ල් වේට් (කිලෝ ග‍්‍රෑම් 52) බර පංතිය
කේ. අයි. උදාර (කඹුරුපිටිය මහා විද්‍යාලය) විසින් පී. පී. ගලහේන (මහනුවර කිංග්ස්වුඞ් විද්‍යාලය) පරාජය කරන ලදී.

ලයිට් හෙවි වේට් (කිලෝ ග‍්‍රෑම් 54) බර පංතිය
ආර්. එන්. බණ්ඩාර (පිළිමතාලාව මධ්‍ය මහ විද්‍යාලය) විසින් එස්. එස්. ගුණවර්ධන (මාස් යුනිචෙලා) පරාජය කරන ලදී.

හෙවි වේට් (කිලෝ ග‍්‍රෑම් 56) බර පංතිය
ජී. ආර්. යසින්ත (හොරණ විද්‍යාරතන පිරිවෙන) විසින් වයි. සිරිවර්ධන පරාජය කරන ලදී.

සුපර් හෙවි වේට් (කිලෝ ග‍්‍රෑම් 58) බර පංතිය
ඒම්. සඳරුවන් (නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය) විසින් ඞී. වී. දසුන් (හොරණ විද්‍යාරතන පිරිවෙන) පරාජය කරන ලදී.


කාන්තා තරග ප‍්‍රතිඵල

පින් වේට් (කිලෝ ග‍්‍රෑම් 30 - 32) බර පංතිය
කේ. එච්. උපේකා (හොරණ ප‍්‍රජාපතී බාලිකා විද්‍යාලය) විසින් බී. එස්. සෙව්වන්දි (බුලත්සිංහල ජාතික පාසල) පරාජය කරන ලදී.

ෆ්ලයි වේට් (කිලෝ ග‍්‍රෑම් 36) බර පංතිය
පී. සී. සෙව්වන්දි (නාරංදෙණිය මධ්‍ය මහ විද්‍යාලය) විසින් වී. වී. සියුරංගි (හොරණ ප‍්‍රජාපතී බාලිකා විද්‍යාලය) පරාජය කරන ලදී.

ලයිට් බැන්ටම් වේට් (කිලෝ ග‍්‍රෑම් 38) බර පංතිය
ඩි. එස්. හිරුණිකා (කළුතර දිස්ති‍්‍රක් බොංක්සිං සංගමය) විසින් ඒ. පී. ජයසිංහ (හොරණ ප‍්‍රජාපතී බාලිකා විද්‍යාලය) පරාජය කරන ලදී.

බැන්ටම් වේට් (කිලෝ ග‍්‍රෑම් 40) බර පංතිය
ඞී. සී. පබසරා (හොරණ ප‍්‍රජාපතී බාලිකා විද්‍යාලය) විසින් කේ. ඞී. කරුණාසිංහ (බුලත්සිංහල ජාතික පාසල) පරාජය කරන ලදී.

ෆෙදර් වේට් (කිලෝ ග‍්‍රෑම් 42) බර පංතිය
එන්. කේ. නදීශානි (නාරංදෙණිය මධ්‍ය මහ විද්‍යාලය) විසින් කේ. ඒ. සඳමාලි (හොරණ ප‍්‍රජාපතී බාලිකා විද්‍යාලය) පරාජය කරන ලදී.

ලයිට් වේට් (කිලෝ ග‍්‍රෑම් 44) බර පංතිය
ඒ. පී. මංජරී (හොරණ ප‍්‍රජාපතී බාලිකා විද්‍යාලය) විසින් ටී. ආර්. සේනාචන්ද්‍ර (ගාමිණී මධ්‍ය මහා විදුහල) පරාජය කරන ලදී.

ලයිට් වෙල්ටර් වේට් (කිලෝ ග‍්‍රෑම් 46) බර පංතිය
ඩබ්. එස්. කුමාරි (ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය) විසින් ඒ. කේ. ගිම්හානි (හොරණ ප‍්‍රජාපතී බාලිකා විද්‍යාලය) පරාජය කරන ලදී.

වෙල්ටර් වේට් (කිලෝ ග‍්‍රෑම් 48) බර පංතිය
එච්. ඒ. සඳමාලි (ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය) විසින් එම්. එස්. ගුණවර්ධන (හොරණ ප‍්‍රජාපතී බාලිකා විද්‍යාලය) පරාජය කරන ලදී.

ලයිට් මිඞ්ල් වේට් (කිලෝ ග‍්‍රෑම් 50) බර පංතිය
බී. ඒ. නෙත්මිනී (හොරණ ප‍්‍රජාපතී බාලිකා විද්‍යාලය) විසින් යූ. ඞී. සඳමාලි (ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය) පරාජය කරන ලදී.

හෙවි වේට් (කිලෝ ග‍්‍රෑම් 56) බර පංතිය
එම්. ඒ. ඞී. රන්මිණි (නාරංදෙණිය මධ්‍ය මහ විද්‍යාලය) විසින් කේ. ඒ. ජී. සෙව්වන්දි (හොරණ ප‍්‍රජාපතී බාලිකා විද්‍යාලය) පරාජය කරන ලදී.

සුපර් හෙවි වේට් (කිලෝ ග‍්‍රෑම් 58) බර පංතිය
ඩබ්. පී. පී. ආදිත්‍යා (හොරණ ප‍්‍රජාපතී බාලිකා විද්‍යාලය) විසින් කේ. ඩබ්. ඞී. මධුෂිකා (නාරංදෙණිය මධ්‍ය මහ විද්‍යාලය) පරාජය කරන ලදී.

 


අදහස් (0)

විද්‍යාරතන - ප‍්‍රජාපතී ඩයන් ගෝමස් බොක්සිං ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.