කඵතර චෙස් ක‍්‍රීඩා සමාජය සංවිධානය කරන අන්තර්ජාතික විවෘත ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලිය මෙම 12 වැනිදා සිට 18 වැනිදා දක්වා කඵතර නගර සභා ශාලාවේදී පැවැත්වේ.
ශ‍්‍රී ලංකා චෙස් සම්මේලනයේ පූර්ණ අධීක්ෂණයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ජයග‍්‍රාහී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට පිරිනැමෙන ත්‍යාග මුදල රුපියල් 325,000 කි.
ශූරයාට රුපියල් 60,000 ක ත්‍යාග මුදලක් සමග ශූරතා කුසලානය පිරිනැමෙන අතර සහ කාන්තා අංශයේ දක්ෂතම ක‍්‍රීඩිකාවට කුසලානය සමග රුපියල් 10,000 ක ත්‍යාගයක් පිරිනැමේ. වයස 7 න් පහළ, 9 න් පහළ, 11 න් පහළ, 13 න් පහළ, සහ 15 න් පහළ යන වයස් කාණ්ඩවලින් බාලක සහ බාලිකා තරග ද පැවැත්වෙන බව සංවිධායක කමිටුව කියයි. ශ්‍රේණිගත සහ ශ්‍රේණිගත නොවන කාණ්ඩ යටතේද එහිදී තරග පැවැත්වේ.
අයැදුම්පත් බාර ගැනීම මේ මස 10 වැනිදායින් අවසන් වේ. මේ පිළිබඳ වැඩි විස්තර 0718-560211 යන දුරකතන අංක ඇමැතීමෙන් ලබාගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.