පින් ප‍්‍රනාන්දු ගෝන්පී‍්‍ර ගොල්ෆ් තරගාවලියේ මේ මාසයේ පැවැත්වෙන තරගයේ පළමු දිනය නිමා වන විට ලකුණු අනුව පෙරමුණට පැමිණිමට විජිත බණ්ඩාර සමත්විය. අඩුම පහර සංඛ්‍යාවකින් මෙම තරග වටය නිමා කළ විජිත බණ්ඩාරට ඒ සඳහා වැයවී තිබුණේ පහර 71 ක් පමණි.
ලකුණු අනුව විජිතට පසුපසින් එස්. සෂිනාදන් සහ එන්. රංගා රැදී සිටිති. ඔවුන් දෙදෙනා පිළිවෙළින් පහර 76 කින් සහ 77 කින් මෙම තරග වටය නිමා කර තිබේ.
ලකුණු සටහනේ තෙවැනි ස්ථාන 3 ක් තිබෙන අතර ජී. එම්. ප‍්‍රදීප්, යූ. එම්. ජී. ප‍්‍රදීප් සහ එල්. ලෝරන්ස් යන කී‍්‍රඩකයන් ලකුණු 80 බැගින් ලබා එම ස්ථාන වල පසුවෙති.
පළමු දිනය අවසානයේදී ඉදිරියෙන් සිටින කී‍්‍රඩකයෝ
1. විජිත බණ්ඩාර 71
2. එස්. සෂිනාදන් 76
3. එන්. රංගා 77
4. ජී. එම්. ප‍්‍රදීප් 80
5. යූ. එම්. ජී. ප‍්‍රදීප් 80
6. එල්. ලෝරන්ස් 80
7. සිසිර කුමාර 81
8. බී. ඒ. රෝහණ 82
9. ඞී. එම්. ප‍්‍රදීප් 83
10. සනත් චන්ද්‍ර 83
11. ආර්. සුරේෂන් 84
12. දනූශ පෙරේරා 84
13. ධනංජය බණ්ඩාර 84
14. චානක පෙරේරා 85
15. එන්. අමරපද්ම 85
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.