ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වෙන 29 වැනි ලෝක හමුදා මල්ලවපොර ශූරතාවලිය සඳහා තරඟ වැදීමට කී‍්‍රඩකයන් අට දෙනෙකුගෙන් සහ නිලධාරීන් සිවු දෙනෙකුගෙන් සමන්විත ශී‍්‍ර ලංකා ආරක්ෂක සේවා මල්ලව පොර කණ්ඩායම අද (30 වැනිදා) පිටත්ව යයි.
ඇමරිකානු ආරක්ෂක හමුදා කී‍්‍රඩා අංශයේ අරාධනාව මත ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම ශූරතාවලිය සඳහා සහභාගී වනුයේ සිවු වසරකට පසුව වන අතර අවසාන වරට මෙම ශූරතාවලියට ශී‍්‍ර ලංකාවෙන් ආරක්‍ෂක සේවා කණ්ඩායමක් සහභාගී වූයේ වසර 2010 දී ෆින්ලන්තයේදීය. ඇමරිකානු ආරක්ෂක හමුදා කී‍්‍රඩා අංශය සහ ලෝක හමුදා කී‍්‍රඩා මණ්ඩලය එක්ව සංවිධානය කරන මෙම තරඟාවලිය ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි ප‍්‍රාන්තයේ දී ඔක්තෝම්බර් 01 වන දින සිට 08 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.
ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක සේවා මල්ලව පොර තරඟාවලියේදී ඉහළම දක්ෂතා දැක්වූ කී‍්‍රඩකයන් මෙම තරඟාවලියේදී ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් බර පන්ති 8 ක් යටතේ නිදහස් මල්ලවපොර සඳහා තරඟ වැදීමට නියමිතය. ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ බලඝණ නායක පි‍්‍රයන්ත වීරසිංහගේ මෙහෙයවීම යටතේ ශී‍්‍ර ලංකා කණ්ඩායම තරඟ වදිනු ඇත.
ඉදිරි පෙළ (වමේ සිට)
වින්ග් කමාන්ඩර් රෝහණ ජයලත් (වෛද්‍යවරයා), බලඝණ නායක පි‍්‍රයන්ත වීරසිංහ (කණ්ඩායම් නායක), කපිතාන් සුනන්ද කලූආරච්චි( පුහුණුකරු) සහ මේජර් තංගවේලූ සෞන්ද්රරාජා (පුහුණුකරු)
පසුපෙළ (වමේ සිට)
කෝප‍්‍රල් ආර්. යූ. එම්. ප‍්‍රනාන්දු (කි. ග‍්‍රෑ. 61 - ගුවන් හමුදාව), කේ. එස්. මධුරංග (කි. ග‍්‍රෑ. 70 - ගුවන් හමුදාව), එම්. ජී. කතුරංගන (කි. ග‍්‍රෑ. 57 - නාවික හමුදාව), ලූතිනන් ඞී. පී. පී. රණසිංහ (කි. ග‍්‍රෑ. 86 - නාවික හමුදාව), එම්. කේ. සී. ප‍්‍රනාන්දු (කි. ග‍්‍රෑ. 125 - නාවික හමුදාව), ලාන්ස් කෝප‍්‍රල් කේ. එදිරිසිංහ (කි.ග‍්‍රෑ 74 - යුද හමුදාව), කෝප‍්‍රල් යූ. ඒ. එම්. චමින්ද ඇල්බට් (කි. ග‍්‍රෑ. 97 - යුද හමුදාව) සහ ඡයාරූපයේ නොසිටින සී. එම්. පෙරේරා (කි. ග‍්‍රෑ. 65 - නාවික හමුදාව)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.