ලෝක ශූරතා ලීග් හොකී තරගාවලියට (I වැනි කොටස) සහභාගිවන ශ‍්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙක හෙට (6 වැනිදා) පෙරවරුවේ සිංගප්පුරුව බලා පිටත්ව යාමට නියමිතය.
මේ මස 9 වැනිදා සිට 17 වැනිදා දක්වා සිංගප්පුරුවේදී පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගන්නා රටවල් දෙකට ලෝක ශූරතා ලීග් හොකී තරගාවලියේ II වැනි කොටසට ඇතුළත්වීමේ අවස්ථාව උදාවේ.
තරගාවලියට සහභාගිවන ශ‍්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකටම ඇතුළත්වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පසුගියදා ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගි වු ක‍්‍රීඩක ක‍්‍රීඩිකවෝ වෙති. ඒ අභියාචනාධිකරණයේ නියමයකට අනුවය.
පිරිමි තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකාවට අමතරව සත්කාරක සිංගප්පුරුව, මියන්මාරය, චීනය, හොංකොං, බෲනායි, වියට්නාමය, කසක්ස්තානය සහ තායිලන්තය යන රටවල් නවයක් සහභාගිවේ. කාන්තා තරගාවලියේදී කසකස්තානය, තායිලන්තය, හොංකොං, සිංගප්පුරුව, ශ‍්‍රී ලංකාව, බෲනායි සහ කාම්බෝජය යන රටවල් හතක් තරග වදියි.
ශ‍්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායමේ නායකයා ලෙස නලන්ත ද සිල්වා කටයුතු කරන අතර මධාරා ධර්මරත්න ශ‍්‍රී ලංකා කාන්තා හොකී කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරන්නීය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා, පිරිමි කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද, ජී.ජී. ධර්මරත්න මහතා, කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරති.
ශ‍්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායම:
නලන්ත ද සිල්වා (නායක), ටී. ඞී. රත්නසිරි, ටී. කේ. හීන්දෙණිය, අයි.කේ. ජයසුන්දර, ඞී.බී. දිසානායක, ඞී.එම්. විජේසිංහ, පී. කේ. හීන්දෙණිය ටී. අයි. ගුණවර්ධන ඒ. ඞී. රත්නසිරි, පී. කේ. ධර්මරත්න ඞී.එම්. බණ්ඩාර එල්.ජී වීරසුරිය, එස්. ප‍්‍රියලංක, ආර්. එම්. ඒ. සුරේෂ්, එල්. එච්. නානායක්කාර, සී. ඒ. වෙලගෙදර, එස්. එම්. ගුණවර්ධන, අභීත ප‍්‍රනාන්දු, වෛද්‍ය ලාල් ඒකනායක (කළමනාකරු)
ශ‍්‍රී ලංකා කාන්තා හොකී කණ්ඩායම:
මධාරා ධර්මරත්න (නායිකා, ජීවන්ති කීර්තිරත්න, එස්. එම්. ඉලේපෙරුම, පී. නිල්මිණී එච්.එස්. වික‍්‍රමසිංහ, කේ. කේ. අබේරත්න, ශානිකා ප‍්‍රභාෂිනී, ප‍්‍රාර්ථනා උපේෂා, ජී.ජී. දමයන්ති, ඞී. ටී. ඒකනායක, එස්.එස්.ජොනෙස්, වයි.ඒ.විජේසුරිය, අයි.ඞී . වීරබාහු, එන්. එම්. ජයනෙති, සී.කේ.හේරත්, සී.ටී තේමියදාස, එන්.කේ ගුණරත්න, සී.ඞී. පේ‍්‍රමසිරි, වෛද්‍ය දමින්ද අත්තනායක (කළමනාකරු)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.