බහුවරණ ප‍්‍රශ්න පත‍්‍රයකට පිළිතුරු සැපයීම එතරම් අපහසු කාරියක් නොවේ. මක්නිසාද යත් එහිදී කළ යුත්තේ දී ඇති පිළිතුරු හතරෙන් එකක් තෝරා යටින් ඉරක් ඇඳීම පමණි. ප‍්‍රශ්නයට අදාළ පිළිතුර අමතකවී තිබුණද, නිවැරදි පිළිතුර දුටු පමණින් එය සිහියට එයි. පිළිතුර පිළිබඳ හාංකවිසියක් නොදන්නා අයකු වුවද නිවැරදි උත්තරය සටහන් කිරීමේ සම්භාවිතාව 1/4 එනම් 25% කි.
ක‍්‍රිකට් තරගයකදී ක‍්‍රීඩාකරන අවසන් 11 දෙනා තොරාගැනීම බහුවරණ ප‍්‍රශ්න පත‍්‍රයකට පිළිතුරු ලිවීමක් ලෙස හැඳින්විය විය හැකි වුවත්, ලබන වසරේ දී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා 30 දෙනකුගෙන් සමන්විත මූලික ශී‍්‍ර ලංකා සංචිතය තෝරාගැනීම නම් පහසු වූවක් නොවේ. මක්නිසාද යත් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩක නියැදිය ඒ තරමටස දුර්වල වීතිබේ.
මෙම කී‍්‍රඩකයන් 30 දෙනාගෙන් 15 දෙනකු තෝරා ගැනීම එතරම් අපහසු කාරණයක් නොවන නමුත් 30 දෙනකු තෝරාගැනීම නම් අසීරු අභියෝගයක් ම විය.
ලෝක කුසලාන තරගාවලිය සඳහා 30 දෙනකුගෙන් යුත් ඉන්දීය සංචිතය තෝරාගැනීමේ දී ඉවත් කරන ලද්දේ සුළු පටු ක‍්‍රීඩකයන් නොවේ.
ඉන්දියාව ලෝක කුසලාන දිනාගත් 2011 තරගාවලියේ වීරයා වූ යුවරාජ් සිං මෙන්ම ලෝක කුසලාන අවසන් තරගයේ ලකුණු 92 ක් ලබාගනිමින් ශ්‍රී ලංකාව හඬවා ඉන්දීය ජයග‍්‍රහණයේ පදනම දැමූ ගෞතම් ගම්භීර්ද මෙවර 30 දෙනාගේ සංචිතයෙන් කැපී ගියහ.
ඉන්දීය ආරම්භක පිතිකරුවකුගේ සම්ප‍්‍රදාය වෙනස් කරමින් ලකුණු පමණටම වේගය ද වැඩිකරමින්, ජයග‍්‍රහණ රැුසක් සඳහාම ඉන්දියාවට මඟ හෙළිකර දුන් විරේන්ද්‍ර සෙවැග් සහ පිට දඟ යවන්නකු ලෙසින් පමණක් නොව, විශිෂ්ට ගණයේ කණ්ඩායම් සගයකු ද වූ හර්බජාන් සිංට ද, මෙවර 30 දෙනාගේ සංචිතයට ඇතුළත් විය නොහැකි විය.
වසර 2011 ලෝක කුසලානය දිනාගත් ඉන්දීය කණ්ඩායමෙන් මෙවර 30 දෙනාගේ සංචිතයට ඇතුළත්ව සිටින්නේ මහේන්ද්‍ර සිං දෝනි, විරාට් කෝලි, සුරේෂ් රයිනා සහ රවිචන්ද්‍රන් අශ්වින් පමණි. ඉන්දියානු තරුණයෝ ඉතිරි ස්ථාන 26 අත්පත් කරගත්හ.
එහෙත් ශ්‍රී ලංකාවේ තත්වය කෙබඳුද? දිගින් දිගටම ආබාධවලට ලක්වන නමුත් ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් දෙසත්, ආබාධ වලට ලක්වූ ජ්‍යෙෂ්ඨයන් සුවය ලබන තුරුත් බලා සිටීමට තේරීම් කමිටුවට සිදුවී තිබේ. වරද තේරීම් කමිටු නිලධාරීන් අත නොවේ. ලැබෙන අවස්ථාවෙන් ප‍්‍රයෝජන නොගන්නා තරුණයන් අතය.
හදිසියේ සංවිධානය කෙරුණු තරගාවලියක් වූ හෙයින් ශ්‍රී ලංකා පිල ඉන්දියාවට ගියේ තරගාවලිය දිනන්නට නොවේ. ලෝක කුසලාන තරගාවලියේ දී වැඩක් ගත හැකි අයෙක් වෙතොත් ඔහු කවුරුන්ද යන්න හඳුනාගැනීම සඳහා ඉන්දියානු සංචාරය යොදාගත යුතු යයි තීරණය කෙරිණ.
ක‍්‍රිකට් ක‍්‍රීඩාවට මේ තරම් ඇලූම්කරන රටක, ක‍්‍රිකට් තරගයකදී ලබන පරාජයකින් මේ තරම් සසළ වන මිනිසුන් සිටිනා රටක, ජයග‍්‍රහණය උකසට තබා අනාගතය වෙනුවෙන් ඉන්දීය තරගාවලිය ආයෝජනය කිරීමට නොබියව ඉදිරිපත්වීම සම්බන්ධයෙන් තේරීම් කමිටු සභාපතිවරයාටත්, ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සමස්ත කළමනාකාරීත්වයටත් තුති මල් මිටක් පිදිය යුතුමය.
තරුණයන්ට අවස්ථාව දෙන්න ඕනෑ යැයි දසතින් හඬ නැගෙන නමුත් එම තරගාවලියේ දී තරුණ ක‍්‍රීඩකයෝ කුමක් කළාහුද? ඉන්දීය තරගාවලිය 5-0 කින් පරාජය වීමෙන් පසු, මේ දිනවල ශ්‍රී ලංකාවේ දී එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගාවලියේ දී පවා ශ්‍රී ලංකා කණ්ඩායම 3-1 ක වාසියක් අත්කරගෙන සිටින්නේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ගේ පිහිටෙනි.
තත්ත්වය එසේ වූ හෙයින් තවමත් එක්දින වරම් නොලද නවකයෝ දෙදෙනෙකු සහ වසර දෙක හමාරකටත් වැඩි කාලකින් එක්දින පිටියට පා නොතැබූ ෆර්විස් මහරුෆ්වත් 30 දෙනාගේ සංචිතයට කැඳවීමට තේරීම් කමිටුවට සිදුවිය.
කිසිවකුට දෝෂාරෝපණය කිරීමේ චේතනාවකින් තොරව, ඇත්ත ඇති සැටියේ ගෙන බලන්නේ නම්, ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද 30 දෙනකුගෙන් සමන්විත ශී‍්‍ර ලංකා සංචිතය දුර්වලය. එහෙත් එය කිසිසේත්ම දුර්වල තෝරාගැනීමක් නම් නොවේ.
දේශීය, අන්තර් සමාජ එක්දින තරගාවලියට සහභාගිවන කණ්ඩායම් 14 ක් වෙනුවෙන් ලියාපදිංචි වී සිටින ක‍්‍රීඩකයන් 436 නියැදිය අතුරින් හොඳම 30 දෙනා තොරාගත් නමුත්, තෝරාගන්නා ලද සංචිතයේ ශක්තිය හීනය. ඒ කෙසේද යත්....
එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ පස්වැනි ස්ථානයේ සිටින එංගලන්තය වැනි කණ්ඩායමකට එරෙහිව, ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන තරගයකට යෙදවීමටත් තරම්වත් ලෝක කුසලාන සංචිතයට තෝරාගත් ඇතැම් ක‍්‍රීඩකයන් තේරීම් කමිටුවේ විශ්වාසය දිනාගෙන නැත.
තේරීම් කමිුවේ විශ්වාසය අදාළ කී‍්‍රඩකයා විසින්ම දිනාගනු ලැබිය යුත්තක් විනා කී‍්‍රඩකයකුගෙ හිමිකමක් නොවේ. එවන් තත්වයකදී තේරීම් කමිටුවට දොස් නැගිය නොහැකිය.
ඒ අද දවසේ තරුණ කී‍්‍රඩකයන්ගේ තත්ත්වයයි. එහෙත් අතීතයේදී නම් පාසල් ක‍්‍රීඩකයෝත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලන තරග වලට සහභාගි වූහ. රන්ජන් මඩුගල්ල, අර්ජුන රණතුංග, සුදත් පැස්කුවල් සහ රොජර් විජේසූරිය ඔවුන් අතුරින් කිහිප දෙනෙකි.
ඉදින් මෙහි සඳහන් කරුණු කාරණා තමන් වෙත එල්ලකෙරෙන අභියෝගයක් ලෙස බාරගැනීමට, ලෝක කුසලාන සංචිතයේ සිටින තරුණයන් ඉදිරිපත් වේ නම් එම අභියෝගය ජයගැනීම යනු ශ්‍රී ලංකාව දිනවීමම මිස අනෙකක් නොවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.