ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය සංවිධානය කරන ජාතික බේස්බෝල් ලීග් ශූරතාවලිය කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් දියගම ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණයේදී හෙට (10 වැනිදා) ආරම්භ වේ.
තරගාවලියට සහභාගිවන කණ්ඩායම් 8 මූලික වටයේදී ‘ඒ’ සහ ‘බී’ ලෙස කණ්ඩායම් 4 බැගින් වූ කාණ්ඩ දෙකක් යටතේ ලීග් ක්‍රමයට අනුව තරග වැදීමට නියමිතය. මූලික වටය අවසානයේ එම කාණ්ඩ දෙකේ ශූරයන් සහ අනු ශූරයන් බවට පත්වන කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා අතර එතැන් සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව තරග පැවැත්වේ.
හෙට සිට මේ මස 25 වැනිදා දක්වා සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයකදීම මූලික වටයේ තරග පැවැත්වෙන අතර අවසන් පූර්ව තරග ජූලි මස 1 වැනිදාත්, අවසන් මහ තරගය ජූලි මස 2 වැනිදාත් පැවැත්වීමට නියමිතය.
ඉකුත් වසරේ (2016) පැවැති තරගාවලියේ ශූරයන් වූ ශ්‍රී ලංකා නාවික හමුදාව මෙවර රණබිම රාජකීය බේස්බෝල් ක්‍රීඩා සමාජය, අදි නාලන්දීය බේස්බෝල් ක්‍රීඩා සමාජය සහ කැලණිය විශ්ව විද්‍යාලය සමගින් ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදියි.
ඉකුත් වසරේ අනු ශූරයන් වූ ශ්‍රී ලංකා යුද හමුදාව මෙවර ‘බී’ කාණ්ඩය යටතේ තරග වදින අතර එම කාණ්ඩයට ඇතුළත්ව සිටින සෙසු ක්‍රීඩා සමාජ වන්නේ ආදි රාජකීය බේස්බෝල් ක්‍රීඩා සමාජය, ආසියා බේස්බෝල් ක්‍රීඩා සමාජය සහ ආදි ආනන්දීය බේස්බෝල් ක්‍රීඩා සමාජයයි.
මෙහිදී තරගාවලියේ ශූරතාව සහ අනු ශූරතාවට අමතරව දක්ෂතම පිතිකරුවා, දක්ෂතම පන්දුයවන්නා, දක්ෂතම පන්දු රකින්නා, දක්ෂතම කැචර් ක්‍රීඩකයා සහ තරගාවලියේ වීරයා සඳහාද කුසලාන සහ සහතිකපත් පිරිනැමේ.
තරගාවලියේ කාලසටහන
ජුනි 10 වැනිදා - පෙරවරු 10.00 ට - නාවික හමුදා සහ කැලණිය විශ්ව විද්‍යාල කණ්ඩායම් අතර
ජුනි 10 වැනිදා - පස්වරු 2.00 ට - රණබිම රාජකීය සහ අදි නාලන්දීය කණ්ඩායම් අතර
ජුනි 11 වැනිදා - පෙරවරු 10.00 ට - යුද හමුදාව සහ ආදි ආනන්දීය කණ්ඩායම් අතර
11 වැනිදා - පස්වරු 2.00 ට - ආදි රාජකීය සහ ආසියානු බේස්බෝල් කණ්ඩායම් අතර
ජුනි 17 වැනිදා - පෙරවරු 10.00 ට - යුද හමුදාව සහ ආසියානු බේස්බෝල් කණ්ඩායම් අතර
ජුනි 17 වැනිදා - පස්වරු 2.00 ට - ආදි රාජකීය සහ ආදි ආනන්දීය කණ්ඩායම් අතර
ජුනි 18 වැනිදා - පෙරවරු 10.00 ට - නාවික හමුදා සහ අදි නාලන්දීය කණ්ඩායම් අතර
ජුනි 18 වැනිදා - පස්වරු 2.00 ට - රණබිම රාජකීය සහ කැලණිය විශ්ව විද්‍යාල කණ්ඩායම් අතර
ජුනි 24 වැනිදා - පෙරවරු 10.00 ට - නාවික හමුදා සහ රණබිම රාජකීය කණ්ඩායම් අතර
ජුනි 24 වැනිදා - පස්වරු 2.00 ට - අදි නාලන්දීය සහ කැලණිය විශ්ව විද්‍යාල කණ්ඩායම් අතර
ජුනි 25 වැනිදා - පෙරවරු 10.00 ට - යුද හමුදාව සහ ආදි රාජකීය කණ්ඩායම් අතර
ජුනි 25 වැනිදා - පස්වරු 2.00 ට - ආසියානු බේස්බෝල් සහ ආදි ආනන්දීය කණ්ඩායම් අතර
ජූලි 1 වැනිදා - පෙරවරු 10.00 ට - පළමු අවසන් පූර්ව තරගය
ජූලි 1 වැනිදා - පස්වරු 2.00 ට - දෙවැනි අවසන් පූර්ව තරගය
ජූලි 2 වැනිදා - පෙරවරු 11.00 ට - අවසන් මහ තරගය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.