ඇසෑම් දකුණු ආසියානු ක්රීඩා උළෙලේ (සාග්) බර ඉසිලීමේ තරගාවලියේදී (පිරිමි) තවත් රිදී පදක්කමක් දිනා ගැනීමට චතුරංග ලක්මාල් ජයසුරිය අද (6) සමත්විය.
කිලෝග්රෑම් 56 බර පංතියෙන් තරග කළ චතුරංග කිලෝග්රෑම් 239 ක බර ප්රමාණයක් ඔසවමින් රිදී පදක්කම දිනා ගත්තේ රන් පදක්කමට කිලෝග්රෑම් තුනක අඩුවකිනි. චතුරංග ස්නැච් ක්රමයට කිලෝග්රෑම් 111 ක් සහ ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්රමයට කිලෝග්රෑම් 128 ක් එසවීය.
රන් පදක්කම දිනා ගත් ඉන්දියාවේ ගුරුරාජා කිලෝග්රෑම් 241 බර ප්රමාණයක් එසවීය. පාකිස්තානයේ අබ්දුල් ගාෆුර් (කිලෝග්රෑම් 227) ලෝකඩ පදක්කම ලැබීය.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.