විම්බල්ඩන් ටෙනිස් ශූරතාවට අට වතාවක්ම හිමිකම් කීවද දකුණු අප්‍රිකාවේ කෙවින් ඇන්ඩර්සන් හමුවේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 2-6, 6-7, 7-5, 6-4 ක් සහ 13-11 ක් ලෙස පරාජයට පත්වූ ලෝක ටෙනිස් පිටියේ නොම්මර එකේ ක්‍රීඩක රොජර් ෆෙඩරර්ට බලාපොරොත්තු සුන්කර ගනිමින් ගෙදර යාමට සිදුවිය.
පැය හතරකුත්, මිනිත්තු 13 ක් පුරා ඇදී ගිය මේ තරගයෙන් තමා පරාජයට පත්වූයේ බලාපොරොත්තු රහිත ලෙස යැයි තරගයෙන් පසුව ෆෙඩරර් කියා සිටියේය.
මේ වන විට 36 හැවිරිදි ෆෙඩරර් ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතා 20ක් දිනා සිටින අතර මෙවර විම්බල්ඩන් තරගාවලියට එක්වූයේ කුසලානය පිළිබඳ සෑහෙන බලාපොරොත්තු කන්දරාවක් කරපින්නා ගෙනය. වැඩිම විම්බල්ඩන් කුසලාන සංඛ්‍යාවක් දිනූ ක්‍රීඩකයා වන ෆෙඩරර් මෙවර තරගාවලියේ කුසලානය දිනාගනිමින් විම්බල්ඩන් කුසලාන 9ක් දිනූ ක්‍රීඩිකාව වන මාටිනා නව්රතිලෝවාගේ වාර්තාව සම කිරීමට බලා සිටියේ පුදුම ආශාවකිනි.
දකුණු අප්‍රිකානු ක්‍රීඩකයකු වසර 1983 තරගාවලියේ අවසන් පූර්ව වටයට යාමෙන් පසුව විම්බල්ඩන් කුසලාන ටෙනිස් තරගාවලියේ අවසන් හතර දෙනා අතරට එක්වූ පළමු දකුණු අප්‍රිකානුවාද ඔහුය.
“මේ වගේ තරග ඉතා විශේෂිතයි. රොජර් පරද්දනවා කියන්නේ කවදාවත් අමතක නොවන තරගයක්. ඒත් තවත් තරග 2ක් දිනන්න තියෙනවා” යයිද කෙවින් ඇන්ඩර්සන් කීවේය.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.