
(ශානුක අරවින්ද)
ගාල්ල රිච්මන්ඞ් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවති වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායම් බැඞ්මින්ටන් තරගාවලියේ සුපිරි ‘ඒ’ කාණ්ඩයේ බාලක ශූරතාව දිනාගැනීමට කොළඹ රාජකීය විදුහලද, බාලිකා ශූරතාව දිනාගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලද සමත් විය.
අවසන් මහ තරගයේදී රාජකීය විදුහල හමුවේ පරාජයට පත් වූ මොරටුව වේල්ස් කුමර විදුහල සුපිරි ‘ඒ’ කාණ්ඩයේ අනු ශූරයන් බවටද, සංඝමිත්තා බාලිකා විදුහල හමුවේ පරාජයට පත් වූ මාතර සුජාතා විදුහල සුපිරි ‘ඒ’ කාණ්ඩයේ අනු ශූරියන් බවටද පත් විය.
|
|
ශ්‍රී ලංකා පාසල් බැඞ්මින්ටන් සංගමය සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා පාසල් 110 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1800 ක් පමණ සහභාගී වූ අතර තරගාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපති රොහාන් ද සිල්වා, පාසල් බැඞ්මින්ටන් සංගමයේ සභාපති සම්පත් වේරගොඩ සහ ලේකම් සමන් විජේසිංහ යන මහත්වරු සහභාගී වූහ.
තරගාවලියේ ප්‍රතිඵල
සුපිරි ‘ඒ’ කාණ්ඩය (බාලක)
ශූරතාව - කොළඹ රාජකීය විදුහල
අනු ශූරතාව - මොරටුව වේල්ස් කුමර විදුහල
‘ඒ’ කාණ්ඩය (බාලක)
ශූරතාව - වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල
අනු ශූරතාව - කොළඹ නාලන්දා විදුහල
‘බී’ කාණ්ඩය (බාලක)
ශූරතාව - ගම්පහ බණ්ඩාරනායක විදුහල
අනු ශූරතාව - කුරුණෑගල මලියදේව විදුහල
‘සී’ කාණ්ඩය (බාලක)
ශූරතාව - ගම්පහ සුමේධ විදුහල
අනු ශූරතාව - ගොතටුව ඒෂියන් ග්‍රැමර් ජාත්‍යන්තර පාසල
‘ඩී’ කාණ්ඩය (බාලක)
ශූරතාව - කොළඹ ලුම්බිණී විදුහල
අනු ශූරතාව - ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විදුහල
‘ඊ’ කාණ්ඩය (බාලක)
ශූරතාව - මහනුවර සිරාජ් පිරිමි විදුහල
අනු ශූරතාව - නුගේගොඩ ලෝරි විදුහල
සුපිරි ‘ඒ’ කාණ්ඩය (බාලිකා)
ශූරතාව - ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහල
අනු ශූරතාව - මාතර සුජාතා විදුහල
‘ඒ’ කාණ්ඩය (බාලිකා)
ශූරතාව - මොරටුව ජයලත් අප ස්වාමිදූගේ කන්‍යාරාමය
අනු ශූරතාව - මහනුවර උසස් බාලිකා විදුහල
‘බී’ කාණ්ඩය (බාලිකා)
ශූරතාව - කිරිබත්ගොඩ විහාරමහා දේවී බාලික විදුහල
අනු ශූරතාව - කුරුණෑගල මලියදේව බාලිකා විදුහල
‘සී’ කාණ්ඩය (බාලිකා)
ශූරතාව - නුගේගොඩ සුජාතා විදුහල
අනු ශූරතාව - ගාල්ල රිපන් බාලිකා විදුහල
‘ඩී’ කාණ්ඩය (බාලිකා)
ශූරතාව - මොරටුව වේල්ස් කුමරි විදුහල
අනු ශූරතාව - කොළඹ ලුම්බිණී විදුහල
‘ඊ’ කාණ්ඩය (බාලිකා)
ශූරතාව - කොටහේන යහපත් එඩේරාගේ කන්‍යාරාමය
අනු ශූරතාව - මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.