Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රවිඳු අවසන් 16 දෙනා අතරට
ආසියානු ක්‍රීඩා

රවිඳු අවසන් 16 දෙනා අතරට

editorial - 2023 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

චීනයේ හංජෝ නුවරදී් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ස්කොෂ් ඉසව්වේ අද (1 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී ජය ලබා අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ රවිඳු ලක්සිරි සමත් විය. 

තායිලන්තයේ ලිම්පායිබූන් රවිපුන්ට එරෙහිව පැවැති මූලික වටයේ පළමු වටය ලකුණු 11-01 ක් ලෙස ජයගත් රවිඳු, එහි දෙවැනි සහ තෙවැනි වට පිළිවෙලින් ලකුණු 11-02 ක් සහ 11-04 ක් ලෙස ජයගනිමින් වට 3-0 ක් ලෙස තරගයේ ජය තමන් සතුකර ගත්තේය. 

අවසන් 16 දෙනාගේ වටයේදී මැලේසියාවේ බින් බතියාර්ට එරෙහිව රවිඳු තරග බිමට පිවිසීමට නියමිත අතර එම තරගය හෙට (2 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතය. ඉන් ජය ලැබුවහොත් රවිඳුට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට හැකි වනු ඇත. 

මේ අතර අද පැවැති මිශ්‍ර යුගල ස්කොෂ් තරගයකදී වට 2-0 ක් ලෙස ශ්‍රී ලංකාවේ ශමිල් වකීල් සහ චනිත්මා සිනාලි පරාජය කිරීමට මැලේසියාවේ මොහොමඞ් සෆීක් සහ අස්මාන් අයිෆා සමත් වූහ. 11-04 ක් සහ 11-07 ක් ලෙස එම තරගයේ ලකුණු තත්ත්වය සටහන් විය. 


අදහස් (0)

රවිඳු අවසන් 16 දෙනා අතරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.