Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ඉන්දියාවේ ගුවහටි නුවරදී පැවැත්වෙන යොනෙක්ස් සන්රයිසස් ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා රනිත්මා ලියනගේ අද (16 වැනිදා) සමත් වූවාය. ඒ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ඉන්දීය ක්‍රීඩිකා රක්ෂිතා ශ්‍රී සන්තෝෂ්ට එරෙහිව තරග වට 2-0 ක පහසු ජයක් වාර්තා කරමිනි.
අර්ධ අවසන් පූර්ව වටයේදී රනිත්මා සහභාගි වන තරගය හෙට (17 වැනිදා) පස්වරු 1.40 ට චීන ක්‍රීඩිකා ලියූ සියාට එරෙහිව පැවැත්වීමට නියමිතය. එම තරගයෙන් ජය ගැනීමට සමත් වුවහොත් ඇයට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාව උදාවනු ඇත. එසේ වුවහොත් එහිදී ඇගේ ප්‍රතිවාදීනිය වන්නේ ඉන්දියාවේ තන්වි ශර්මා හෝ ජපානයේ සාකි මස්ට්සුමොටෝය.
රනිත්මා සහ ඉන්දීය ක්‍රීඩිකා රක්ෂිතා අතර විනාඩි 30 කට වැඩි කාලයක් පුරා පැවැති පෙර අර්ධ අවසන් පූර්ව තරගයේ පළමු වටය ජය ගැනීමට රනිත්මා සමත් වූයේ ලකුණු 15/11 ක් ලෙසිනි. පළමු වටයට සාපේක්ෂව දෙවැනි වටය රනිත්මාට තරමක් පහසු වූ අතර එහිදී ඇය ලකුණු 15/09 ක් ලෙස ජය ලැබුවාය.
තරගාවලියේ පළමු වටයේදී නිතරග ජයක් ලබා දෙවැනි වටයට පිවිසි රනිත්මා, දෙවැනි වටයේදී (15/06, 15/10 ක් ලෙස) හොං කොං රාජ්‍යයේ සුම් යාවුට එරෙහිවද, තෙවැනි වටයේදී (15/09, 15/10 ක් ලෙස) මැලේසියාවේ ලෙර් කුයිට එරෙහිවද තරග වට 2-0 ක පහසු ජයග්‍රහණයන් වාර්තා කිරීමට සමත් වූවාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.