Last Update  :  2025-10-29 11:59:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රත්නපුර ස්නූකර් ශූරයා හිම්සාන්

රත්නපුර ස්නූකර් ශූරයා හිම්සාන්

editorial - 2025 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රත්නපුර විශේෂ අප්සරා යෝසිත් විජේසූරිය

ශ්‍රී ලංකා  බිලියඩ් සහ  ස්නූකර් සංගමය  විසින් සංවිධානය කළ  71 වන ජාතික ස්නුකර් තරඟාවලියේ  රත්නපුර දිස්ත්‍රික්  ශූරතාව රත්නපුර කියු මාස්ටර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ'මොහොමඩ් හිම්සාන් විසින් දිනාගන්නා ලදි. මෙම තරඟාවලිය පසුගියදා  රත්නපුර කියු මාස්ටර්ස් ක්‍රීඩා සමාජයේදී'පැවැත්විණ.

තරඟකරුවන් 34 ක් සහභාගිවූ   තියුණු  තරඟාවලියක නිමාවේදී   අවසන් පූර්ව  වටය සඳහා බී.බී.ටී. සම්පත් පෙරේරා, මොහොමඩ් හිම්සාන්,   මිසඳු  කවීද්  හා ප්‍රදීප්  දේශප්‍රිය  සුදුසුකම්  ලබාගත්හ.

අවසන් පූර්ව වටයදී    මොහොමඩ් හිම්සාන්  විසින්  තරඟවට   5- 3 ක් ලෙස බී.බී.ටී. සම්පත්  පෙරේරා පරාජය කරන ලදි. මිසඳු කවීද්  හා ප්‍රදීප්  දේශප්‍රිය  අතර තරගයේදී තරඟවට 5-3 ක්  වශයෙන් ප්‍රදීප්  දේශප්‍රිය  පරාජය කරමින්  මිසඳු කවීද්  අවසාන  තරඟයට සුදුසුකම් ලැබීය.

වට 5 කින් සමන්විත අවසන් තරගයේදී'මිසඳු කවීද් පළමු හා  දෙවන  තරඟවටව ජයගත්තේය.  එහෙත් ඉතා තියුණු  වටයක්වූ  තෙවැනි වටයේදී  මොහොමඩ්  හිම්සාන්  ජය ගත් අතර  පසුව පැවැති තරඟවට දෙකත් ජයගත්  මොහොමඩ්  හිම්සාන් 3-2 ක් ලෙසින් අවසන් තරගය ජයගත්තේය.


අදහස් (0)

රත්නපුර ස්නූකර් ශූරයා හිම්සාන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.