Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports යොවුන් චෙස් තරගාවලිය 17 දා සිට

යොවුන් චෙස් තරගාවලිය 17 දා සිට

ශනුක අරවින්ද - 2014 අප්‍රේ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා චෙස් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන යොවුන් චෙස් තරගාවලිය මේ මස 17 වැනිදා සිට 20 වැනිදා දක්වා කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැත්වේ.

ශී‍්‍ර ලංකා චෙස් සම්මේලනයේ සභාපති සහ රාජකීය විද්‍යාලයේ විදුහල්පති උපාලි ගුණසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය වයස 10 න් පහළ, වයස 14 න් පහළ, වයස 16 න් පහළ සහ වයස 18 න් පහළ යන වයස් කාණ්ඩ වලින් සමන්විත වේ. සෑම වයස් කාණ්ඩයකදීම බාලක සහ බාළිකා වශයෙන් තරග පැවැත්වේ.

තරගාවලියේ පළමු, දෙවැනි සහ තුන්වැනි ස්ථාන හිමිකරගන්නා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ආසියානු සහ ලෝක චෙස් ශූරතාවලි සඳහා තෝරාගනු ලබන ශී‍්‍ර ලංකා කණ්ඩායම් වලට ඇතුළත් කෙරෙන බව සම්මේලනයේ ලේකම් ලක්‍ෂමන් විජේසූරිය මහතා පවසයි.

 


අදහස් (0)

යොවුන් චෙස් තරගාවලිය 17 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.