Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports යොනෙක්ස් සන්රයිස් බැඩ්මින්ටන් තරග 2 දා සිට

යොනෙක්ස් සන්රයිස් බැඩ්මින්ටන් තරග 2 දා සිට

Dilrukshi - 2015 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය දෙවැනි වරටත් සංවිධානය කරන ‘යොනෙක්ස් සන්රයිස්’ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය ජූනි 2 වැනිදා සිට 6 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණෙයේදී පැවැත්වීමට නියමිතය.ශ්‍රී ලංකාවද සමගින් රටවල් 26 ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 264 ක් මෙම තරගාවලියට සහභාගී වෙති. එහිදි පිරිමි කේවල, කාන්තා කේවල, පිරිමි යුගළ, කාන්තා යුගළ සහ මිශ‍්‍ර යුගළ යන ප‍්‍රධාන ඉසව් 5 යටතේ තරග පැවැත්වේ.

ශ්‍රී ලංකාව, ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව, මැලේසියාව, ප‍්‍රංශය, ඉන්දුනීසියාව, රුසියාව, මොන්ගෝලියාව, වියට්නාමය, තායිලන්තය, චෙකොස්ලොවැකියාව, දකුණු අපි‍්‍රකාව, ස්විස්ටර්ලන්තය, ඉතාලිය, යුක්රේනය, පෝලන්තය, පිලිපීනය, ඉරානය, බල්ගේරියාව, ස්ලෝවැකියාව, උගන්ඩාව, මාලදිවයින, චීන- තායිපේ, පාකිස්තානය සහ ඊශ‍්‍රායලය තරගාවලියට සහභාගී වන රටවල් වෙති.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 25 කට අධික පිරිසක් මෙම තරගාවලියට සහභාගී වන අතර නිලූක කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි. තරගාවලියේ ජයග‍්‍රාහික ජයග‍්‍රාහිකාවන් සඳහා පිරිනැමීමට නියමිත සමස්ථ ත්‍යාග මුදල ඩොලර් 15,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 20 කට ආසන්න මුදලකි.

ඉකුත් වසරේ පැවැති තරගාවලියේ පිරිමි කේවල ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට කොරියානු කී‍්‍රඩක හියුන් ඉල් ලී සමත් වූ අතර අවසන් මහ තරගයේදී තරග වට 2-1 ක් ලෙස ඉන්දීය කී‍්‍රඩක ආනන්ද් පවර් පරාජය කරමින් ඔහු එම පදක්කමට හිමිකම් කීවේය. එවර කාන්තා කේවල රන් පදක්කම දිනාගැනීමට ඉන්දීය කී‍්‍රඩිකා පී. සී. තුල්සි සමත්වූයේ අවසන් මහ තරගයේදී සිංගප්පූරු කී‍්‍රඩිකා ජියායුන් චෙන් තරග වට 2-1 ක් ලෙස පරාජය කරමිනි.

තරගාවලියේ අවසන් මහ තරග සහ ත්‍යාග ප‍්‍රදානෝත්සවය 6 වැනිදා පස්වරු 3.00 සිට කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

 


අදහස් (0)

යොනෙක්ස් සන්රයිස් බැඩ්මින්ටන් තරග 2 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.