Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports යාපනයේ - කිලිනොච්චියේ පාපැදි කී‍්‍රඩා සමාජ පිහිටුවයි

යාපනයේ - කිලිනොච්චියේ පාපැදි කී‍්‍රඩා සමාජ පිහිටුවයි

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යාපනය හා කිලිනොච්චිය යන ප‍්‍රදේශවල පාපැදි ක‍්‍රීඩා සමාජ දෙකක් පිහිටුවීමට පාපැදි අතුරු කමිටුව කටයුතු කර තිබේ. මුලතිව් ප‍්‍රදේශය වෙනුවෙන් පාපැදි ක‍්‍රීඩා සමාජයක් ස්ථාපිත කිරීමටත් ඉදිරියේ දී පියවර ගන්නා බව පාපැදි අතුරු කමිටුව පවසයි.

වසර 35 ක් පුරා ඇදුණු සිවිල් යුද්ධයෙන් පසු උතුරු පළාතේ පාපැදි ක‍්‍රීඩා සමාජ පිහිටුවූ පළමු අවස්ථාව මෙය බව පාපැදි අතුරු කමිටුව පවසයි.

පාපැදි අතුරු කමිටුවේ සභාපති එයාවයිෂ් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා යාපනය ගුවන් හමුදා කඳවුරේ දී යාපනය සිවිල් ක‍්‍රීඩා සමාජ ක‍්‍රීයාකාරීන් මුණ ගැසී සාකච්ඡ කිරීමෙන් පසු නව පාපැදි කී‍්‍රඩා සමාජ ස්ථාපිත කිරීමට කටයුතු යොදා තිබේ.

කිළිනොච්චිය පාපැදි ක‍්‍රීඩා සමාජය පිහිටුවීමේ දී එහි ප‍්‍රධාන යුදහමුදා කඳවුරේ සහයෝගය ලැබී තිබෙන අතර මුලතිව් පාපැදි ක‍්‍රීඩා සමාජය පිහිටුවීමේදීද එහි ප‍්‍රධාන යුද හමුදා කඳවුරේ සහයෝගය ලැබෙන බව පාපැදි අතුරු කමිටුවේ ලේකම් ගෲප් කපිතාන් කිත්සිරි ලිලාරත්න මහතා ලංකාදීප යට පැවසීය.

මෙම ක‍්‍රීඩා සමාජ සඳහා අන්තර්ජාතික පාපැදි සම්මේලනයෙන් පිරිනැමුණු රුපියල් මිලියන දෙකකට අධික වටිනාකමකින් යුත් රේසින් පාපැදි හයක් සහ උපාංග තොගයක්ද ඔවුන්ට බාරදීමට කටයුතු කරන බවත් මීට අමතරව ගුවන් හමුදාවේ සහයෝගයෙන් නව පාපැදි ක‍්‍රීඩා සමාජ සඳහා මුදල්ද ප‍්‍රදානය කෙරෙන බවත් කිත්සිරි ලිලාරත්න මහතා පැවසීය.

කිළිනොච්චියෙන් තරගකරුවන් 40 දෙනකු හා යාපනයෙන් තරඟකරුවන් 12 දෙනෙකු පරිදි මේ වන විට පුහුණුවීම් ආරම්භ කර ඇතැයි ද පාපැදි අතුරු කමිටුව පවසයි.

සැප්තැම්බර් 14 වැනිදා යාපනයේ දී පැවැත්වෙන ‘ජැෆ්නා ස්පිඞ්’ මෝටර් රථ යතුරුපැදි තරගාවලියට සමගාමීව පැවැත්වෙන පාපැදි තරඟාවලියේ දී තරග වැදීමට ඔව්හු සූදානමින් සිටිති.

 


අදහස් (0)

යාපනයේ - කිලිනොච්චියේ පාපැදි කී‍්‍රඩා සමාජ පිහිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.