මේසපන්දු ජාතික පුහුණුකරුවකු තෝරාපත් කරගැනීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.
ඒ අනුව ඕනෑම පුහුණුකරුවකුට තමා විසින් පිළියෙල කරගන්නා ලද ජීව දත්ත සමග අයැදුම් පත‍්‍රයක් සහ එහි සඳහන් කරුණු සනාථ කිරීමට අවශ්‍ය ලියකියවිලි නිවැරදි බවට සහතික කළ ඡුායා පිටපත් සමග මේ මස 27 වැනිදා හෝ ඊට පෙර ලේකම්, ශ‍්‍රී ලංකා මේසපන්දු සංගමය, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය, 2 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑල ඔස්සේ යොමුකිරීම මගින් එම තනතුර සඳහා වන සම්මුඛ පරීක්ෂණයට පෙනීසිටිය හැක.
එමෙන්ම ලිපි කවරයේ ඉහල වම් කෙලවරේ ”මේසපන්දු ජාතික පුහුණුකරු තනතුර” යනුවෙන් සටහන් කරන ලෙසද ශ‍්‍රී ලංකා මේසපන්දු සංගමය දන්වා සිටී.
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.