ශ්‍රී ලංකා මේසපන්දු සංගමය සංවිධානය කරන 69 වැනි ජාතික මේසපන්දු තරගාවලිය හෙට (21 වැනිදා) සහ අනිද්දා (22 වැනිදා) යන දිනවලදී ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
මෙහිදී ප‍්‍රධාන වශයෙන් පිරිමි කේවල, පිරිමි යුගළ, කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ‍්‍ර යුගල යන කාණ්ඩ 5 යටතේ තරග පැවැත්වෙන අතර ඊට අමතරව වයස 21 න් පහළ පිරිමි කේවල, 21 න් පහළ කාන්තා කේවල, ප‍්‍රවීණ පිරිමි කේවල, ප‍්‍රවීණ කාන්තා කේවල සහ ජ්‍යෙෂ්ඨ පිරිමි කේවල යන කාණ්ඩ යටතේද තරග පැවැත්වේ.
මෙවර තරගාවලිය සඳහා සහභාගී වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාව 200 කට ආසන්න වේ.
පසුගිය වසරේ පැවති තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස ස්ටැග් මේසපන්දු විද්‍යායතනයේ රොහාන් සිරිසේනත්, දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස ගුවන් හමුදාවේ ඉෂාරා මධුරංගිත් සම්මාන දිනාගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.