Last Update  :  2025-12-21 20:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මැලේසියානු බේස්බෝල් ශූරතාව නාවික හමුදාවට

මැලේසියානු බේස්බෝල් ශූරතාව නාවික හමුදාවට

දිලිනි මල්රුක්ෂි - 2015 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර පැවැති කේ. එල්.  ඕල් ස්ටාර් බේස්බෝල් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම සමත් විය. මෙය නාවික හමුදා බේස්බෝල් කණ්ඩායමක් විදෙස් තරගාවලියක් සඳහා සහභාගීවී මෙවැනි ජයග‍්‍රහණයක් ලබාගත් ප‍්‍රථම අවස්ථාවයි.

සුහද තරගාවලියක් වශයෙන් පැවති මෙම තරගාවලියේදී නාවික හමුදා කණ්ඩායම විසින් මැලේසියානු  ඕල් ස්ටාර් බේස්බෝල් කණ්ඩායම 13 - 01 ක් ලෙසද, මැලේසියානු පුත‍්‍රජයා ප‍්‍රාන්ත කණ්ඩායම 19 - 01 ක් ලෙසද, පුත‍්‍රා මැලේසියා විශ්වවිද්‍යාල කණ්ඩායම 22 - 05 ක් ලෙසද, සිංගප්පූරු ජාතික කණ්ඩායම 13 - 01 ක් ලෙසද පරාජය කරන ලදි.  

මෙහිදී සුවිශේෂී දක්ෂතා දැක්වූ කේ. එස්. මධුශංක සියලූම අංශයන්හි දක්ෂතම කී‍්‍රඩකයා ලෙසද, පී. එච්. ටී. මධුමාල් දක්ෂතම පන්දු යොමුකරන්නා ලෙසද, එච්. ඒ. ඒ. ශාන්ත දක්ෂතම ප‍්‍රහාරකයා ලෙසද, එච්. ජී. එස්. ජේ. කුමාර දක්ෂතම පන්දු රකින්නා ලෙසද සම්මාන දිනාගත්හ.

ශ‍්‍රී ලංකා බේස්බෝල් ක‍්‍රීඩා ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවන නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම පසුගිය තරගවලදී දැක්වූ දක්ෂතා මත මෙම තරගාවලියට සහභාගීවීමට අවස්ථාව උදා විය.

නාවික හමුදා බේස්බෝල් සංචිතයේ සභාපති කොමදෝරු උදේනි සේරසිංහ, එහි ලේකම් ලූතිනන් කොමදෝරු නිලංග ධර්මරත්න සහ පුහුණුකරු අමිල පතිරාජ යන මහත්වරුද  මෙම තරගාවලියට සහභාගී වූහ.

ශ්‍රී ලංකාව සහභාගී වූ තරග ප‍්‍රතිඵල

  • ශ්‍රී ලංකා පිල විසින් මැලේසියානු  ඕල් ස්ටාර් බේස්බෝල් පිල 13 - 01 ක් ලෙස පරාජය කරන ලදි.
  • ශ්‍රී ලංකා පිල විසින් මැලේසියානු පුත‍්‍රජයා ප‍්‍රාන්ත පිල 19 - 01 ක් ලෙස පරාජය කරන ලදි.
  • ශ්‍රී ලංකා පිල විසින් පුත‍්‍රා මැලේසියා විශ්වවිද්‍යාල පිල 22 - 05 ක් ලෙස පරාජය කරන ලදි.
  • ශ්‍රී ලංකා පිල විසින් සිංගප්පූරු ජාතික පිල 13 - 01 ක් ලෙස පරාජය කරන ලදි.

036


අදහස් (0)

මැලේසියානු බේස්බෝල් ශූරතාව නාවික හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.