වර්ෂාව නිසා කල් දමන ලද 43 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ මැරතන් සහ පාපැදි තරග ජූලි මස 1 සහ 2 යන දිනවල මහියංගනයේදී පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබේ.
මැරතන්, පාපැදි සහ තරග ඇවිදීම යන ක්‍රීඩා 3 පසුගිය මැයි 27 සහ 28 දිනවල ඇඹිලිපිය නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විමට නියමිතව තිබූ නමුදු එම වකවානුවේ රටේ පැවති අධික වර්ෂාව සහිත කාලගුණය හේතුවෙන් මෙම ක්‍රීඩා 3 කල් දැමීමට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගත්තේය. ඒ අනුව මැරතන් සහ පාපැදි තරග මහියංගනයේදීද ඇවිදීමේ තරග මෙම ජුනි 17 දා කොළඹ බත්තරමුල්ලේදීද පැවැත්වීමට නියමිතය.
22 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට අයදුම්පත් යොමු කළ යුතු අවසන් දිනය ජුනි 20 දා හෙයින් ඇවිදීමේ තරග මෙම ජුනි 17 දා පැවැත්වීමට තීරණය කර තිබේ.
තරග පැවැත්වෙන දින
■ ජුනි 17 තරග ඇවිදීම (පිරිමි හා කාන්තා) බත්තරමුල්ල
■ ජූලි 1දා මැරතන් (පිරිමි හා කාන්තා) පාපැදි රේසිං (පිරිමි හා කාන්තා) මහියංගනයේදී
■ ජූලි 2 දා පාපැදි ස්ටැන්ඩර්ඞ් (පිරිමි හා කාන්තා) මහියංගනයේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.