චීනයේ නැංජින් නුවර පැවැත්වෙන දෙවැනි ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙලේ අවසන් දිනයට පෙර දිනය වන අද (23 වැනිදා) ශ‍්‍රී ලංකාවට පස්වැනි ලෝකඩ පදක්කම දිනා දීමට මැතිව් අබේසිංහ සමත්විය.
මෙම කී‍්‍රඩා උළෙලේදී ශී‍්‍ර ලංකාව දිනාගත් 6 වැනි පදක්කම මෙය වන අතර මැතිව් අබේසිංහ ඊට හිමිකම් කීවේ මීටර් 100 නිදහස් ආර පිහිනුම් තරගය තෙවැනියා ලෙස අවසන් කරමිනි. තරගය නිමා කිරීම සඳහා ඔහුට ගතවූ කාලය තත්. 51.52 කි.
තත්. 51.07 කින් තරගය නිමා කළ කොරියාවේ කිම් ඬේසන් එම තරගයේ රන් පදක්කම දිනාගත් අතර තත්. 51.14 කින් තරගය නිමා කළ මලයාසියාවේ ලිම් චිං හුවං එහි රිදී පදක්කම දිනාගත්තේය.
ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන විට මීටර් 110 කඩුලූ පැන දිවීමේ තරගයේදී (බාලක) රිදී පදක්කමක්ද, ස්කොෂ් (බාලිකා), මීටර් 400 (බාලිකා), මීටර් 800 (බාලිකා), මීටර 400 කඩුලූ පැන දිවීම (බාලක) සහ මීටර් 100 නිදහස් ආර පිහිනුම් (බාලක) යන මලල කී‍්‍රඩා ඉසව් වලදී ලෝකඩ පදක්කම් 5 ක්ද ඇතුළත්ව පදක්කම් 6 ක් දිනාගෙන තිබේ.
තරගාවලියේ පදක්කම් සටහනට අනුව ශී‍්‍ර ලංකාවට හිමිවී තිබෙන්නේ 15 වැනි ස්ථානයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.