ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ අද (23 වැනිදා) පැවැති මීටර් 100 පිරිමි නිදහස් ආර පිහිනුම් ඉසව්වේ අවසන් තරගයට සහභාගීවූ මැතිව් අබේසිංහ 6 වැනියා ලෙස තත්පර 49:28 කදී තරගය නිම කළේය.
මූලික වටයේ 5 වැනි තරගයට සහභාගීවූ මැතිව් අබේසිංහ තත්පර 49:48 කදී තරගය නිමකරමින් එහි තෙවැනි ස්ථානය ලබාගත්තේ ආසියානු ක්‍රීඩා උළෙලක පිහිනුම් ඉසව්වෙන් අවසන් තරගයට තේරුණු පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසිනි. සමස්ථ කාල ගණනයේදී 4 වැනි ස්ථානය මැතිව්ට හිමිවිය.
එම ඉසව්වේම මූලික වටයේ 4 වැනි තරගයට සහභාගීවූ මැතිව් අබේසිංහගේ සොයුරු කයිල් අබේසිංහ තත්පර 50:14 කදී තරගය අවසන් කළද සමස්ථ කාල ගණනයේදී ඔහුට හිමිවූයේ 13 වැනි ස්ථානයයි.
මීටර් 50 පිරිමි නිදහස් ආර පිහිනුම් ඉසව්වේ තෙවැනි මූලික වටයෙන් තරග වැදුණු දිමුත් පිරීස් තත්පර 25:20 කදී දෙවැනියා ලෙසද සිවුවැනි මූලික වටයෙන් තරග වැදුණු චෙරන්ත ද සිල්වා තත්පර 26ථ36 කදී අටවැනියා ලෙසද තරගය නිම කිරීමට සමත්වූහ.
සමස්ථ කාල ගණනයට අනුව දිමුත් පිරීස් 25 වැනි ස්ථානයටත් චෙරන්ත ද සිල්වා 26 වැනි ස්ථානයටත් පත්වූහ.
මීටර් 200 පිරිමි නිදහස් ආර පිහිනුම් ඉසව්වේ දෙවැනි මූලික වටයෙන් තරග වැදුණු හරේන් නුගවෙල මිනිත්තු 1:56:01 කදී තරගය නිමකරමින් එහි පළමු ස්ථානය ලබාගත් අතර තෙවැනි මූලික වටයෙන් තරග වැදුණු මැතිව් අබේසිංහ මිනිත්තු 1:50:97 කදී තරගය නිම කළද ඔහුට හිමිවූයේ හයවැනි ස්ථානයයි.
සමස්ථ කාල ගණනයට අනුව මැතිව් අබේසිංහ 12 වැනි ස්ථානයටත් හරේන් නුගවෙල 26 වැනි ස්ථානයටත් පත්වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.