Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මාස් හෝල්ඩිංග්ස් ක්‍රීඩිකාවන්ට පහසු ජයක්

මාස් හෝල්ඩිංග්ස් ක්‍රීඩිකාවන්ට පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘බී’ කාණ්ඩායේ කාන්තා මූලික වටයේ තරගයකදී ස්ටෑන්ඩඞ් චාටඞ් කණ්ඩායමට එරෙහිව ලකුණු 61-35 ක පහසු ජයක් වාර්තා කිරීමට මාස් හෝල්ඩිංග්ස් කණ්ඩායම සමත් විය.

පළමු අර්ධය අවසානයේ ලකුණු 30-14 ක් ලෙස පෙරමුණ ගත් මාස් හෝල්ඩිංග්ස් ක්‍රීඩිකාවෝ දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 31 ක් එක්කර ගත්හ. ස්ටෑන්ඩඞ් චාටඞ් ක්‍රීඩිකාවන්ට දෙවැනි අර්ධයේදී රැස්කරගත හැකි වූයේ ලකුණු 21 ක් පමණි.

ලකුණු 15 ක් රැස්කළ මාස් හෝල්ඩිංග්ස් කණ්ඩායමේ නතාලි ද සිල්වා එම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය. මෙම තරගය කොළඹ ශාන්ත ජෝෂප් පැසිපන්දු පිටියේදී පැවැත්විණ.


-036

 


අදහස් (0)

මාස් හෝල්ඩිංග්ස් ක්‍රීඩිකාවන්ට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.