Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මල්ලවපොර කී‍්‍රඩාවෙන් පදක්කම් 12 ක්

මල්ලවපොර කී‍්‍රඩාවෙන් පදක්කම් 12 ක්

ශනුක අරවින්ද - 2016 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ ගුවාහටි නගරයේ පැවැති 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) මල්ලවපොර තරගාවලියේදී ශ‍්‍රී ලංකා මල්ලවපොර ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රිදී පදක්කම් හතරක් සහ ලෝකඩ පදක්කම් අටක් දිනා ගැනීමට සමත්වුහ. දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලකදී මල්ලවපොර ක‍්‍රීඩාවෙන් ශ‍්‍රී ලංකාව දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව ලෙස මෙය වාර්තාවේ.

අවසන් වරට 2010 වසරේ පැවැති 11 වැනි ‘ඩකා’ සාග් ක‍්‍රීඩා උළෙලේදී ශ‍්‍රී ලංකාවට මල්ලවපොර තරගාවලියෙන් හිමි වුයේ ලෝකඩ පදක්කමක් පමණී.
පළමුවරට මෙවර සාග් ක‍්‍රීඩා උළෙලට ඇතුළත් වු කාන්තා මල්ලවපොර තරගාවලියේදී ශ‍්‍රී ලංකාව පදක්කම් 12 න් පදක්කම් අටක්ම හිමිකර ගැනීම කැපී පෙනේ. රිදී පදක්කම් හතරම ශ‍්‍රී ලංකාවට හිමි වුයේද කාන්තා තරගාවලියෙනි.

ශියන්තිකා නිරෝෂනී (කි.ග‍්‍රෑ.48), අනුෂා කුමාරි (කි.ග‍්‍රෑ.53), මධුෂානී ප‍්‍රියංගි (කි.ග‍්‍රෑ.55) සහ දීපිකා දිල්හානි වීරභානු (කි.ග‍්‍රෑ.58) එම රිදී පදක්කම් දිනා ගත් ක‍්‍රීඩිකාවෝ වුහ. මහිර ප‍්‍රියංගා කුමාරි (කි.ග‍්‍රෑ.60), මාලා මධුවන්ති (කි.ග‍්‍රෑ.53), අයෝමි සෙනෙවිරත්න (කි.ග‍්‍රෑ.69) සහ චානි කුමුදිකා (කි.ග‍්‍රෑ.75) ලෝකඩ පදක්කම් හිමිකර ගත්හ.

රිදී පදක්කම් ලාභිනී අනුෂා කුමාරී සහ ලෝකඩ පදක්කම් ලාභිනී ප‍්‍රියංගා කුමාරි නිවුන් සොහොයුරියන් වීම ද විශේෂත්වයකි.

පිරිමි තරගාවලියේදී ක‍්‍රීඩකයෝ සිවු දෙනෙක් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත්වුහ. කිලෝග‍්‍රෑම් 65 බර පංතියේදී ආසියානු මල්ලවපොර ලෝකඩ පදක්කම්ලාභී ඇෆ්ගනිස්තාන් ක‍්‍රීඩක ඒ.එෆ්.ටී.ෂාමිර් පරදවමින් ඩබ්.එම්. සී. පෙරේරා දස්කම් දැක්වීය.

දුලිත් අසංක (කි.ග‍්‍රෑ.58), චාමර මිලින්ද (කි.ග‍්‍රෑ.65), සුතිජ මධුරංග (කි.ග‍්‍රෑ.70) සහ බින්දු ප‍්‍රසන්න රත්නායක (කි.ග‍්‍රෑ.74) ලෝකඩ පදක්කම් හතර දිනාගත්හ.

 

සාග් පදක්කම් දිනාගත් ශ‍්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම

-090

 


අදහස් (0)

මල්ලවපොර කී‍්‍රඩාවෙන් පදක්කම් 12 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.