මධ්‍යම පළාත් කුංග් ෆු සහ වූෂු සංගමය 12 වැනි වරටත් සංවිධානය කරන මධ්‍යම පළාත් වුෂු තරගමාලාව මේ මස 19 සහ 20 දෙදින නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයීය ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
මධ්‍යම පළාතේ පාසල් සහ සංගම් යන කොටස් දෙකකින් තරගාමාලාව සමන්විතය.
පාසල් තරගාවලියේ තාඔලූ අංශයේ ඉසව් ජාත්‍යන්තර කනිෂ්ඨ වූෂු තරගාවලි සදහා වන ‘බී’ සහ ‘ඒ’ ඉසව්වලින් යුක්තවේ. සන්දා (ද්වන්ධ සටන්) ඉසව් ජේ්‍යෂ්ඨ ක‍්‍රීඩකයන් සදහා පැවැත්වේ.
වුෂු සංගම් ස`දහා තරගාවලිය තාඔලූ ජාත්‍යන්තර ඉසව් සහ සන්ධා ද්වන්ධ ඉසව්වන්ගෙන් පිරිමි සහ කාන්තා අංශ දෙකින්ම ක‍්‍රියාත්මකවේ.
සන්ධා ද්වන්ධ පිරිමි ඉසව් කිලෝග‍්‍රෑම් 48, 52, 56, 60, 65, 70, 75, 80, 85, 90 සහ කිලෝග‍්‍රෑම් 90 ට වැඩි බර පංතිවලින් ද, කාන්තා ඉසව් 48, 52, 56, 60, 65, 70 සහ කිලෝග‍්‍රෑම් 75 යන බර පංතිවලින් ද පැවැත්වේ.
මෙම තරග ස`දහා සහභාගිවීමට අපේක්ෂා කරන පාසල් සහ වූෂු සංගම් කණ්ඩායම්වලට දුරකතන අංක 0777624797 ඔස්සේ අජන්ත බණ්ඩාර මහතා ඇමැතීමෙන් වැඩිදුර විස්තර ලබාගත හැකිය.
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.