ක‍්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කළ 41 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේදී පදක්කම් දිනාගත් මධ්‍යම පළාත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගැයීමේ උත්සවයක් ඉකුත්දා මහනුවර පල්ලෙකැලේදී පැවැත්විණ. මෙම උත්සවයේදී ජයග‍්‍රහී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සහතිකපත් සහ මුදලින් ත්‍යාග පිරිනැමිණ.
ක‍්‍රීඩා උළෙලේදී විශිෂ්ට දස්කම් පෑ මේසපන්දු ක‍්‍රීඩක උදය රණසිංහ, අයි. ආර්. කේ විල්වලආරච්චි (හොකී). ආර්. සී. එන්. ධර්මවර්ධන (ජූඩෝ), ඩබ්. ආර්. විජේසුරිය (ටයිකොන්ඩෝ), එස්. බී. ද සිල්වා (පිහිනුම්) සහ මධාරා ධර්මරත්න (හොකී) යන මධ්‍යම පළාත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ විශේෂ ත්‍යාග ලැබුහ.
හොංකොං දේශයේ පැවැති ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනාගත් ශ‍්‍රී ලංකා පිල නියෝජනය කළ මධ්‍යම පළාතේ ක‍්‍රීඩිකාවන් ද ඇගයීමට ලක්වීම විශේෂත්වයයි.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරිණී සුරංගනී එල්ලාවල, මධ්‍යම පළාත් ප‍්‍රධාන ඇමැති සරත් ඒකනායක සහ මධ්‍යම පළාත් ක‍්‍රීඩා ඇමැති ප‍්‍රමිත තෙන්නකෝන් යන මහත්ම මහත්මීන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණ.
මධ්‍යම පළාත් සභාව සහ මධ්‍යම පළාත් ක‍්‍රීඩා දෙපාර්තමේන්තුව එය සංවිධානය කළේය.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.