Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මධ්‍යම පළාත් අන්තර් පාසල් 9 න් පහළ චෙස් ශූරතාව කිංස්වුඩ් විද්‍යාලයට

මධ්‍යම පළාත් අන්තර් පාසල් 9 න් පහළ චෙස් ශූරතාව කිංස්වුඩ් විද්‍යාලයට

editorial - 2023 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ජායාරූප හා සටහන - නොර්වුඩ් රංජිත් රාජපක්ෂ)

ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය මගින් සංවිධානය කරන ලද මධ්‍යම පළාත් පාසල් චෙස් තරගාවලිය පසුගියදා මහනුවර බෙරවට්ස් රාජකීය විද්‍යාලයේදී පැවැත්විණ. මෙහිදී වයස අවුරුදු නවයෙන් පහළ කණ්ඩායම් 39 ක් අතරින්  අඛණ්ඩව දෙවන වතාවටත් ශූරතාවය දිනාගැනීමට මහනුවර කිංස්වුඩ් විද්‍යාලිය කණ්ඩායම සමත් විය.

තරඟ වට හයකින් සමන්විත වූ තරඟාවලියේ වට හයෙන් හයම ජයගැනීමට එම කණ්ඩායමේ යොවිඳු ප්‍රේමරත්න, චෙතුල සේනාධිනායක, කෙමිඳු බිනුවර, මෙනුජ ගෙත්මික, අනුජ අලගියවන්න, වොනාල් කරුණාරත්න සහ මොහොමඩ් යූසුෆ් යන ක්‍රීඩකයෝ සමත් වූහ.

තරඟාවලියේ එක් එක් පුවරුවේ දක්ෂතම ක්‍රීඩකයන් ලෙස පුවරු ත්‍යාග දිනා ගැනීමට කිංස්වුඩ් කණ්ඩායමේ යොවිඳු බිනාල් ප්‍රේමරත්න, චෙතුල රනුදිස සේනාධිනායක සහ මෙනුජ ගෙත්මික  ජයවීර සමත් වූහ.

තරඟාවලියේ අනු ශූරතාවය මහනුවර ශ්‍රී චන්දානන්ද විද්‍යාලය විසින්ද  , තුන්වැනි ස්ථානය මහනුවර ධර්මරාජ විද්‍යාලය විසින් දිනාගන්නා ලදහ. එම කණ්ඩායම් තුන සහ හතරවන ස්ථානය දිනාගත් ගන්නෝරුව ප්‍රාථමික විද්‍යාලය මධ්‍යම පළාත නියෝජනය කරමින් සමස්ත ලංකා ඒ කාණ්ඩයේ තරඟාවලිය සඳහා සුදුසුකම් ලබාගත්හ.

මීට අමතරව කිංස්වුඩ් විද්‍යාලයේ වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායමද සමස්ත ලංකා ඒ කාණ්ඩයේ අවසන් තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. කිංස්වුඩ් විද්‍යාලයේ චෙස් පුහුණුකරු ලෙස හිටපු ජාතික ශූරයෙකු හා විශිෂ්ට පුහුණුකරුවෙකු වන දුලාන් එදිරිසිංහ මහතා කටයුතු කරයි.

 


අදහස් (0)

මධ්‍යම පළාත් අන්තර් පාසල් 9 න් පහළ චෙස් ශූරතාව කිංස්වුඩ් විද්‍යාලයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.