ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ ස්කොෂ් තරගාවලියේ කාන්තා කේවළ ඉසව්වෙන් ශ‍්‍රී ලංකාවේ මිහිලියා මෙත්සරණිට ලෝකඩ පදක්කමක් හිමිවුවාය. කාන්තා කේවළ ඉසව්වේ අවසන් පුර්ව වටයේදී මිහිලියා පරාජය ලැබුවද, එම වටයේ පරාජය වන තරගකරුවන් දෙදෙනාට ලෝකඩ පදක්කම් පිරිනැමෙන නිසා ඇයට මෙලෙස ලෝකඩ පදක්කමක් ලැබිණ.
මිහිලියා අවසන් පුර්ව තරගයේ පරාජය වුයේ පාකිස්තානයේ තුර්ෆකී වසීර් හමුවේ තරග වට 3-1 ක් ලෙසිනි. 11/8, 6/11, 11/2 සහ 11/2 ක් ලෙස තරගයේ ලකුණු තත්ත්වය සටහන් විය. මෙම ඉසව්වෙන් ඉන්දියාව රන් පදක්කම දිනා ගත් අතර පාකිස්තානය රිදී පදක්කම හිමිකර ගත්තේය.
මිහිලියා හැරෙන්නට ක‍්‍රීඩා උළෙලට සහභාගිවී සිටින ශ‍්‍රී ලංකා ස්කොෂ් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ කේවළ ඉසව්වලදී මුලික වටයෙන්ම පරාජය ලැබුහ.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.