ඇසෑම් දකුණු ආසියානු ක්රීඩා උළෙලේ (සාග්) ස්කොෂ් තරගාවලියේදී ජාතික ස්කොෂ් ශූරී මිහිලියා මෙත්සරණී කාන්තා කේවළ ඉසව්වේ අවසන් පුර්ව වටයට ඊයේ සුදුසුකම් ලබා ගත්තාය. ඉන්දිය ක්රීඩිකා සුනායනා කුරුපල්ලා සමග පැවැති අර්ධ අවසන් පුර්ව වටයෙන් තියුණු තරගයකින් පසුව මෙත්සරණී 6/11 11/9 4/11 11/5 සහ 12/10 ක් ලෙස ජය ගත්තාය.
මේස පන්දු තරගාවලියේ පිරිමි කණ්ඩායම් ඉසව්වේ මුලික වටයේ තරගයකින් පාකිස්තානය පරදවා ශ්රී ලංකාව තරග වට 3-1 ක ජයක් ලැබීය. මේසපන්දු කාන්තා කණ්ඩායම් ඉසව්වේදී බංග්ලාදේශය තරග වට 3-0 කින් පරාජය කිරීමට ශ්රී ලංකාවට හැකිවිය.
බැඞ්මින්ටන් කණ්ඩායම් (පිරිමි) ඉසව්වේදී භූතානය පරාජය කරමින් ශ්රී ලංකාව තරග වට 3-0 ක ජයක් ලැබීය.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.