ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ කණ්ඩායම් ඉසව්වේ (පිරිමි) අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත්ව සිටිති. ශ‍්‍රී ලංකාව සහභාගිවන දෙවැනි අවසන් පුර්ව වටය අද (8) බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතය. පළමු අවසන් පුර්ව වටයේ තරගයට සුදුසුකම් ලබා සිටින්නේ පාකිස්තානය සහ ඉන්දියාවයි.
ශ‍්‍රී ලංකාව මුලික වටයේදී ‘බී’ කාණ්ඩයෙන් තරග කරමින් පාකිස්තානය, නේපාලය සහ භූතානය යන රටවල් තුනම පහසුවෙන් පරදවා එම කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකර ගත්තේය. භුවනෙක ගුණතිලක, සචින් ඩයස්, විභවි මධුෂ සහ නිම්මික තිසේරා ශ‍්‍රී ලංකා පිරිමි බැඞ්මින්ටන් කණ්ඩායමේ ක‍්‍රීඩා කරති.
කාන්තා බැඞ්මින්ටන් තරගාවලියේ කණ්ඩායම් ඉසව්වේ මුලික වටයේ තරගයකින් බංග්ලාදේශය තරග 3-0 ක් ලෙසින් පරාජය කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ සමත්වුහ.
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.