ලබන ජූලි 16 සිට 25 දක්වා බහමාස්හි පැවැත්වීමට නියමිත 6 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නාමලේඛනය ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාගේ අනුමැතියට යටත්ව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව මගින් දැන් ප්‍රකාශයට පත්කොට තිබේ.
මෙම ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩා 6 කින් ශ්‍රී ලංකාව නියෝජනය කරන අතර මලල ක්‍රීඩා, සත් සාමාජික රග්බි, බොක්සිං, ජූඩෝ සහ ටෙනිස් එම ක්‍රීඩා වෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 28 කි. එයට ක්‍රීඩකයෝ 20 ක් සහ ක්‍රීඩිකාවෝ 8 දෙනෙක් ඇතුළත් වෙති.
සංචාරයට ඇතුළත් කර ඇති නිලධාරීන්ගේ නාම ලේඛනයට ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය මෙතෙක් හිමිවී නොමැත.
ශ්‍රී ලංකා කණ්ඩායම
මලල ක්‍රීඩා (පිරිමි)
ප්‍රමෝද් මධුභාෂණ පෙරේරා, නවෝද්‍ය සංකල්ප, ශේෂාන් දිලූෂ කාරියවසම්
මලල ක්‍රීඩා (කාන්තා)
කවින්ද්‍යා තත්සරණි, සචිනි දිව්‍යාංජලී, සඳුමිණි චවිප්රභාෂි බණ්ඩාර
පිහිනුම් (පිරිමි)
දිමුත් අකලංක පීරිස්, කයිල් අබේසිංහ
පිහිනුම් (කාන්තා)
අවන්ති දෙව්මිණි පෙරේරා, විනෝලි නිලින්යා කළුආරච්චි
බොක්සිං (පිරිමි)
කාවින්ද සංජය බණ්ඩාර
බොක්සිං (කාන්තා)
මධුමාලි එරංග ප්‍රියදර්ශනී
ජූඩෝ (පිරිමි)
සූරිය තුෂාර
ජූඩෝ (කාන්තා)
හෆ්සා යමීනා
ටෙනිස් (පිරිමි)
විබූද ඉන්දීප විජේබණ්ඩාර
ටෙනිස් (කාන්තා)
අනීකා සෙනෙවිරත්න
සත් සාමාජික රග්බි
තරික්ෂ දුලංජන පියතිස්ස, ක්‍රිස්ටියන් ෆෙඞ්රික්, ගැමුණු චේතිය කුමාරසිංහ, ඉෂාර දිමුත් ලියනගේ, ජොනතන් වීරකෝන්, මොහොමඞ් ෂබීර් ඉක්බාල්, නදීෂ චමින්ද විතානගේ, නවීන්ද්‍ර තනුජ් රාජරත්නම්, රවීන් පේෂාල් ප්‍රනාන්දු, තරිඳු අනුරුද්ධ ද අල්විස්, තුවාන් දයියාන් සබාර් සහ විශ්ව සුපේෂල රණරාජ්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.