
(නාමල් පතිරගේ)
බහරේන් රාජ්‍යයේ නව ජාතික දැල්පන්දු (නෙට්බෝල්) පුහුණුකරු ලෙස හයිසින්ත් විජේසිංහ මහත්මිය වැඩ බාර ගෙන තිබේ. ඇය මෙරට ජාතික දැල්පන්දු පුහුණුකරු ධූරයේ අවස්ථා කීපයකදීම කටයුතු කිරීම හැරෙන්නට මීට පෙර සිංගප්පූරුවේ ජාතික දැල්පන්දු පුහුණුකරු ධූරයේත් කටයුතු කර තිබේ.
අවසන් වරට පසුගිය ජූලි මාසයේ කොරියාවේදී පැවැති ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම් පුහුණුකරු ලෙස කටයුතු කළ ඇය වසර 2026 අගෝස්තුවේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල දක්වා බහරේනයට සේවය ලබා දෙනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.