බස්නාහිර පළාත් අන්තර් සමාජ බැඞ්මින්ටන් තරගාවලිය මේ මස 07 සහ 08 දින වලදී ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පැවැත්වේ.
බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමය විසින් 40 වැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය සඳහා කී‍්‍රඩා සංගම් 43 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 67 ක් සහභාගී වෙති. මෙවර තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගතකිරීම් වල පෙරමුණේ පසුවන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් රාශියක් සහභාගී වීමට නියමිතය.
තරගාවලියේ ජයග්‍රාහකයන්ට සහතික පත්‍ර සමගින් මුදල් ත්‍යාග පිරිනැමීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබෙන අතර තරගාවලියේ සම අනුග්රාහකයන් ලෙස එෆ්. කේ. සී. අයි. එෂියා (පුද්ගලික) සමාගම, මැලිබන් ආයතනය සහ හමීඩියාස් ආයතනය කටයුතු කරති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.