Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බස්නාහිර පෙරමුණ ගනී

බස්නාහිර පෙරමුණ ගනී

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හතළිස් එක් වැනි ජාතික කී‍්‍රඩා උළෙලේ කණ්ඩායම් තරග ආරම්භ කරමින් පැවැති පිහිනුම් තරගාවලියේ පළමු දිනය (14 වැනිදා) අවසන් වන විට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට බස්නාහිර පළාත් කණ්ඩායම සමත් විය. බස්නාහිර පළාත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් විසින් රන් පදක්කම් 12 ක්, රිදී පදක්කම් 10 ක් සහ ලෝකඩ පදක්කම් 5 ක් දිනා ගන්නා ලදහ.

මධ්‍යම පළාත් කණ්ඩායම රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 6 ක් දිනාගෙන පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනා සිටින දකුණු පළාත් කණ්ඩායමට එහි තෙවැනි ස්ථානය හිමිව තිබේ.  

රිදී සහ ලෝකඩ පදක්කම් 2 ක් බැගින් දිනා සිටින වයඹ පළාත් කණ්ඩායම 5 වැනි ස්ථානයේත්, ලෝකඩ පදක්කමක් පමණක් දිනා සිටින සඹරගමුව පළාත් කණ්ඩායම 6 වැනි ස්ථානයේත් රැදී සිටිති.

එම පළාත් කණ්ඩායම් හැරුණුකොට අන් කිසිදු පළාත් කණ්ඩායමක් මෙතෙක් පදක්කම් දිනාගැනීමට සමත්වී නැත.

තරගාවලියේ පිහිනුම් තරග අද සහ හෙට (15 වැනිදා) කොළඹ සුගතදාස කී‍්‍රඩංගණයේදී පැවැත්වේ.

 

පිහිනුම් තරගවල පදක්කම් සටහන
පළාත රන්  රිදී ලෝකඩ එකතුව
බස්නාහිර 12 10 5 27
මධ්‍යම  4 5 6 15
දකුණ 1 0 3 4
වයඹ 0 2 2 4
සඹරගමු 0 0 1 1

අදහස් (0)

බස්නාහිර පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.