ඇසෑම් දකුණු ආසියානු ක්රීඩා උළෙලේ ස්කොෂ් තරගාවලියේ කාන්තා කේවළ ඉසව්වේ අවසන් පුර්ව තරගයේදී ජාතික ස්කොෂ් ශූරී මිහිලියා මෙත්සරණී අද (7) පරාජය වුවාය.
මිහිලියා අවසන් පුර්ව තරගයේදී පත් වුයේ පාකිස්තානයේ තුර්ෆකී වසීර් හමුවේ තරග වට 3-1 ක් ලෙසිනි. 11/8, 6/11, 11/2 සහ 11/2 ක් ලෙස තරගයේ ලකුණු තත්ත්වය සටහන් විය.
මිහිලියා හැරෙන්නට ක්රීඩා උළෙලට සහභාගිවී සිටින ශ්රී ලංකා ස්කොෂ් ක්රීඩක ක්රීඩිකාවෝ කේවළ ඉසව්වලදී මුලික වටයෙන්ම පරාජයට පත්වුහ.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.