ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) බර ඉසිලීමේ තරගාවලියේදී ශ‍්‍රී ලංකාවට තවත් රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් දෙකක් හිමිවිය. සාග් ක‍්‍රීඩා උළෙලේ තෙවැනි දිනය (7 වැනිදා) අවසානයේ බර ඉසිලීමේ ක‍්‍රීඩාවෙන් පමණක් ශ‍්‍රී ලංකාවට රන් පදක්කමක්, රිදී පදක්කම් හයක් සහ ලෝකඩ පදක්කම් දෙකක් හිමිව තිබේ.
ඉන්දික ප‍්‍රසන්න කිලෝග‍්‍රෑම් 69 බර පංතියෙන් ද, අයේෂා විනෝදනී කිලෝග‍්‍රෑම් 63 කාන්තා බර පංතියෙන් ද රිදී පදක්කම් දිනා ගැනීමට අද සමත්වුහ. චින්තන විදානගේ සෙසු රිදී පදක්කම් ලාභී ක‍්‍රීඩකයාවිය.
උමේරා මොහිදීන් (කි.ග‍්‍රෑ. 58) සහ චතුරිකා ප‍්‍රියන්ති (කි.ග‍්‍රෑ. 69) කාන්තා බර පංතිවලදී ලෝකඩ පදක්කම හිමිකර ගත්හ.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.