Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ප‍්‍රවීණයන්ගේ තරගාවලි දෙකක්

ප‍්‍රවීණයන්ගේ තරගාවලි දෙකක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ප‍්‍රවීණයන්ගේ මේසපන්දු සංගමය සංවිධානය කරන ප‍්‍රවීණයන්ගේ මේසපන්දු තරගාවලි 2 ක් මේ මස 27 වැනිදා සහ අපේ‍්‍රල් මස 2 වැනිදා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

අන්තර් කී‍්‍රඩා සමාජ ප‍්‍රවීණයන්ගේ මේසපන්දු තරගාවලිය මේ මස 27 වැනිදා පැවැත්වෙන අතර අපේ‍්‍රල් මස 2 වැනිදා පැවැත්වෙන්නේ කේවල වයස් කාණ්ඩ පිළිමළුන් පිටුදැකීමේ මේසපන්දු තරගාවලියයි. මෙම තරගාවලිය දෙකම පස්වරු 1.30 සිට පැවැත්වේ.

අන්තර් කී‍්‍රඩා සමාජ ප‍්‍රවීණයන්ගේ තරගාවලියේ අයැදුම්පත් බාරගැනීම මේ මස 27 වැනිදා පස්වරු 1.00 ට අවසන් වන අතර කේවල වයස් කාණ්ඩ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අයැදුම්පත් බාරගැනීම අපේ‍්‍රල් මස 2 වැනිදා පස්වරු 1.00 ට අවසන් වේ.

ජී. ජී. වීරක්කොඩි, (0777 313240), අයිරා රුවන්පතිරණ (0777 106324), සරත් විජේසූරිය (0716 456114) සහ එන්. එච්. පියදාස (0775 986892) යන මහත්ම මහත්මීන්ගෙන් තරගාවලියට අදාළ අයැදුම්පත් ලබාගත හැකිය.

 


- 036

 


අදහස් (0)

ප‍්‍රවීණයන්ගේ තරගාවලි දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.