Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පොලිසිය - ගුවන් හමුදාව - බ්ලැක්ස් පැසිපන්දු තරග ජයගනිති

පොලිසිය - ගුවන් හමුදාව - බ්ලැක්ස් පැසිපන්දු තරග ජයගනිති

දිලිනි මල්රුක්ෂි - 2013 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ I වැනි කාණ්ඩයේ තරග තුනකින් ජය ලබාගැනීමට ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ හම්බන්තොට බ්ලැක්ස් කී‍්‍රඩා සමාජය සමත්වූහ.

ඉතා තියුණු තරගයකින් අනතුරුව ලකුණු 60 - 57 ක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව පරාජය කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සමත්විය. පළමු අර්ධය නිමා වන විටද ලකුණු 27 - 25 ක් ලෙස පෙරමුණ ගත් ශ්‍රී ලංකා පොලිස් කී‍්‍රඩකයෝ, තරගය අවසන් වන තෙක්ම තම ආධිපත්‍යය රැකගනිමින් ජයග‍්‍රහණයට හිමිකම් කීහ.

තරග ප‍්‍රතිඵල

  • ශ්‍රී ලංකා පොලිසිය විසින් ලකුණු 60 - 57 ක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව පරාජය කරන ලදී.
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ලකුණු 75 - 58 ක් ලෙස ඔටර්ස් කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදී.හම්බන්තොට බ්ලැක්ස් කී‍්‍රඩා සමාජය විසින් ලකුණු 61 - 43 ක් ලෙස මොරටුව පැසිපන්දු සමාජය පරාජය කරන ලදී.

අදහස් (0)

පොලිසිය - ගුවන් හමුදාව - බ්ලැක්ස් පැසිපන්දු තරග ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.