තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන ආසියානු කලාප II වයස 14 න් පහළ ටෙනිස් තරගාවලියේ සුපිරි කී‍්‍රඩකයන් සිව්දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකාවේ පෙසන්ජිත් කන්නන්ගර සමත් වී ඇත.
මෙම තරගාවලියේදී වයස 14 න් පහළ ආසියානු ශේ‍්‍රණිගත කිරීම්හි 4 වැනි ස්ථානයේ පසුවන ඉරාන කී‍්‍රඩක ශිවාස් ශිඩෙල් තරග වට 6/4 ක් සහ 6/3 ක් ලෙස පරාජය කිරීමටද පෙසන්ජිත් සමත් විය.
සුපිරි කී‍්‍රඩකයන් සිව්දෙනා අතරට මැලේසියානු කී‍්‍රඩකයෝ දෙදෙනෙක් සහ පාකිස්තානු කී‍්‍රඩකයෙක්ද ඇතුළත්ව සිටිති.
පෙසන්ජිත්ට අමතරව නේලක දිසානායක සහ අශේන් සිල්වා මෙහි බාලක තරගාවලියටද, සමාධි ජයසිංහ, නිම්නා ප‍්‍රනාන්දු සහ අංජලිකා කුරේරා බාලිකා තරගාවලියටද එක්ව සිටිති. ඩොමිනික් පෝල් මහතා ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
බංග්ලාදේශය, කොරියාව, මාලදිවයින පාකිස්තානය, භූතානය, ලා ඕසය, මොන්ගෝලියාව, සිංගප්පුරුව, බෘනායි, මැකාවෝ, මියන්මාර්, කාම්බෝජය, මැලේසියාව, නේපාලය ආදී රටවල් 18 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 50 කට අධික සංඛ්‍යාවක් තරගාවලියට සහභාගි වෙති.
අන්තර් ජාතික ටෙනිස් සම්මේලනයේ විධි විධාන අනුව සංවිධානය කෙරෙන මෙම තරගාවලිය මේ මස 30 වැනිදා දක්වා පැවැත්වේ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.