දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ අද (8) පැවැති කිලෝමීටර 40 කාලය මැන බැලීමේ කණ්ඩායම් කාන්තා පාපැදි තරගයේ රිදී පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකා පාපැදි ක‍්‍රීඩිකාවෝ සමත්වුහ. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවන් පැයට කිලෝමීටර 38.63 ක වේගයක් වාර්තා කරමින් මෙම දස්කම දැක්වීය.
ලසන්ති ක‍්‍රිෂ්ණා ගුණතිලක, ශ‍්‍රියාලතා වික‍්‍රමසිංහ, සුධාරිකා පි‍්‍රයදර්ශනී සහ උදේශානී නිරංජනී මෙම රිදී පදක්කම දිනාගත් ශ‍්‍රී ලංකා කාන්තා පාපැදි කණ්ඩායමට ඇතුළත්වුහ. ඉන්දියාව (පැ.කි. 40.41) මෙහි රන් පදක්කම දිනාගත් අතර පාකිස්තානයට (පැ.කි. 38.27) ලෝකඩ පදක්කම හිමිවිය.
කිලෝමීටර 70 කාලය මැන බැලීමේ කණ්ඩායම් පිරිමි පාපැදි තරගයෙන් ශ‍්‍රී ලංකාවට හිමි වුයේ ලෝකඩ පදක්කමයි. අද පැවැති එම ඉසව්වේ රන් සහ රිදී පදක්කම් පිළිවෙලින් ඉන්දියාව සහ පාකිස්තානය දිනා ගත්තේය.
ශ‍්‍රී ලංකාවට මේ දක්වා පැවැති සාග් පාපැදි ඉසව්වන්ගෙන් රන් පදක්කමක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් තුනක් හිමිව තිබේ.
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.