Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාපැදි කුසලානයත් හොරු අරන්

පාපැදි කුසලානයත් හොරු අරන්

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ජාතික පාපැදි තරගාවලියකදී ශ්‍රී ලංකාව මෙතෙක් දිනා ඇති එකම කුසලානය අතුරුදන් වී ඇතැයි පාපැදි සම්මේලන මාධ්‍ය හමුවකදී පසුගියදා ප‍්‍රකාශ විය.

වසර 2000 රටවල් 11 ක් සහභාගි වූ පාකිස්තානු පාපැදි (විවෘත කණ්ඩායම් පිරිමි) සවාරිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූයේ බී. ජේ. සුමනසේකරගේ නායකත්වයෙනි. එය හැරෙන්නට අන්තර්ජාතික පාපැදි තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව නැත.

මෙම පාපැදි තරගය දින 11 ක් පුරා පාකිස්තානයේ ප‍්‍රධාන නගර රැුසක් හරහා යමින් කිලෝමීටර 1100 වැඩි දුරක් ගෙවා අවසන් විය.

එම සංචාරය්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ධුරය දැරූ, පාපැදි සම්මේලනයේ වත්මන් සභාපති වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ එය එවකට පාපැදි මූලස්ථානයේ තැන්පත් කිරීමෙන් පසු වසර කිහිපයකට පසු අතුරුදන් වී තිබෙන බවය. එය සොරා ගැනීමක් විය හැකි බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

එය දැවැන්ත කුසලානයක් බවත්, ජයග‍්‍රහණය වෙනුවෙන් ඒ සමඟ මුදල් ත්‍යාගයක් ලැබුණු බවත් බී.ජේ. සුමනසේකර මහතා පැවසීය.


අදහස් (0)

පාපැදි කුසලානයත් හොරු අරන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.