Last Update  :  2025-12-21 20:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාපැදි තනතුරු අපේක්ෂකයෝ දෙගිඩියාවෙන්

පාපැදි තනතුරු අපේක්ෂකයෝ දෙගිඩියාවෙන්

දිලිනි මල්රුක්ෂි - 2015 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සියලූ නාම යෝජනා මෙම 27 වැනිදාට පෙර ක‍්‍රීඩා ඇමැති අනුමැතියට ඉදිරිපත් කළ යුතු බවට මධ්‍යම  කමිටුව නියම කර තිබෙන නමුත් මෙවර පාපැදි නිලවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් බහුතරයක් ඊයේ (24) වන විටත් ක‍්‍රීඩා ඇමැති අනුමැතිය නොලැබීමෙන් දුෂ්කරතාවට පත්ව සිටි බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණය (2015-17) ලබන මැයි 13 වැනිදා පස්වරු 1ට  පාපන්දු නිවසේ දී පැවැත්වීමට නියමිතය.

සභාපති තනතුර සඳහා ප‍්‍රවීණයන්ගේ පාපැදි සංගමයේ වත්මන් සභාපති වෛද්‍ය අමල් හර්ෂ සිල්වා හා පාපැදි සම්මේලනයේ වත්මන් උපසභාපතිවරයකු වන සී.ආර්. රත්නායක යන මහත්වරුන් නාම යෝජනා  බාරදී තිබේ.

පාපැදි සම්මේලනයේ මීට පෙර නිලවරණය කැඳවූ අවස්ථාවේදී ඒ සඳහා නාමයෝජනා  බාර දුන් වත්මන් සභාපති කේ.පී.පී. පතිරණ මහතාට නැවත කැඳවූ නිලවරණයෙන් ඉවත් වීමට සිදුවූයේ ක‍්‍රීඩා පනත් නව රෙගුලාසි හමුවේ වසර හතරකට වඩා ජාතික ක‍්‍රීඩා සංගම් තනතුරු දැරූවන්ට නැවත ඒ සඳහා තරග වැදීම තහනම් වන නිසාය. පතිරණ මහතා මෙරට ජාතික ක‍්‍රීඩා සංගමයක වැඩිම කාලයක් මුල් පුටුව හෙබවූ අයෙකි. ඔහු වසර 10කට වැඩි කාලයක් පාපැදි සම්මේලනයේ සභාපති ධුරය දැරීය. ක‍්‍රීඩා පනතේ ජාතික ක‍්‍රීඩා සංගම් නිලවරණ නව රෙගුලාසි හමුවේ තනතුරු සඳහා ඉදිරිපත් වන්නන් සිය නාමයෝජනාව සමග ඉදිරිපත් කෙරෙන ජීව දත්ත සඳහා ක‍්‍රීඩා ඇමැති අනුමැතිය ලබා ගත යුතු බවට නියම කර තිබේ.

එම නියමයට අනුව යමින් මෙවර පාපැදි නිලවරණයට තරග වදින අපේක්ෂකයන් රැසක් සිය නාම යෝජනා සඳහා ඇමැති අනුමැතිය අපේක්ෂාවෙන් පසුවේ.

ක‍්‍රීඩා පනතේ නව නියමයන්ට අනුව ජාතික ක‍්‍රීඩා සංගම් නිලවරණය නාම යෝජනා ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට හෝ ඔහු නම්කරන අමාත්‍යාංශ නියෝජිතයකුට බාරදිය යුතුය.

කෙසේ වුවත් නාමයෝජනා විවෘත  කිරීමෙන් පසු එම නාම යෝජනා නැවත විරෝධතා සඳහා බැලීම  සඳහා  අදාල ජාතික ක‍්‍රීඩා සංගමයේ ප‍්‍රධාන ලේකම්වරයා අතට පත් කෙරේ. එහෙත් පාපැදි නිලවරණයේ නාම යෝජනා විවෘත කළ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් විරෝධතා පැන නැගුණු බවද වාර්තාවේ.

නාමයෝජනා විවෘත කළ සැණින් ඒවා ජාතික ක‍්‍රීඩා සංගමයේ ලේකම්වරයාට බාර දීමෙන් ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නාමයෝජනා යොමු කිරීමේ අරමුණ කුමක්දැයි එම විරෝධතාවලින් විමසා තිබේ.

කෙසේ වුවත් මෙවර පාපැදි නිලවරණයේදී ප‍්‍රධාන ලේකම්ධුරයට එන්. කරුණාරත්න හා ගෘප් කපිතාන් කිත්සිරි ලීලානන්ද මහත්වරුන්ද භාණ්ඩාගාරික  ධුරයට උෂාන් කෝදාගොඩ හා යු.ඒ. රත්නායක යන මහත්වරුද නාම යෝජනා බාරදී තිබේ.

උප සභාපති ධුර හතක් සඳහා ඉදිරිපත්ව තිබෙන නාම යෝජනා ගණන 16කි. මේ වනවිට නිලවරණයේදී ඡන්ද බලය හිමි ක‍්‍රීඩා සමාජ හා දිස්ත‍්‍රික් සංගම් ගණන 34ක් දක්වා ඉහළ ගොස් තිබේ. නිලවරණය කැඳවීමෙන් පසුව ද කළ දිස්ත‍්‍රික් සංගම් හා ක‍්‍රීඩා සංගම් දෙකකට බැගින් ඡන්ද බලය ලබාදී තිබෙන බව වාර්තාවේ.

..


අදහස් (0)

පාපැදි තනතුරු අපේක්ෂකයෝ දෙගිඩියාවෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.