Last Update  :  2025-12-21 20:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාපැදි තරගාවලිය 19 වැනිදා මොණරාගලදී

පාපැදි තරගාවලිය 19 වැනිදා මොණරාගලදී

දිලිනි මල්රුක්ෂි - 2015 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මවුන්ටන් පාපැදි සංගමය සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද නිමිත්තෙන් සංවිධානය කරන පාපැදි තරගාවලියක් මේ මස 19 වැනිදා පැවැත්වේ.

මෙම තරගය වයස 18 ට වැඩි පාපැදිකරුවන්ට විවෘත වේ. මෙම තරගාවලිය මොණරාගල, තණමල්විල, හුරත්ගමුව, තෙලූල්ල, කුඩාඔය, වැල්ලවාය, බුත්තල, ඔක්කම්පිටිය, මොණරාගල සහ බිබිල යන නගර හරහා ගමන් කිරීමට නියමිත. තරගයේ මුලූ දුර කිලෝ මීටර 120 කි.

තරගාවලියේ පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට රන්, රිදී සහ ලෝකඩ පදක්කම් සමග මුදල් ත්‍යාග පිරිනැමෙන අතර සිව්වැනි ස්ථානයේ සිට 20 වැනි ස්ථානය දක්වාද මුදල් ත්‍යාග පිරිනැමීමට සංවිධායක කමිටුව සූදානමින් සිටියි.

තරගාවලියට සහභාගී වීමට අවශ්‍ය තරගකරුවන්ට පෞද්ගලික ලේකම්, අභ්‍යන්තර ප‍්‍රවාහන අමාත්‍යංශය, නො. 1, ඞී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 1 යන ලිපිනයට අයැදුම්පත් යොමු කිරීමෙන් ඒ සඳහා අවස්ථාව උදාකර ගත හැකිය.

තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු 0777 329144 (ගාමිණි), 0777 881650 (අමල්) සහ 0777 488178 (වසන්ති) දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකිය. තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහය විජය පුවත්පත් සමාගමෙනි.

036


අදහස් (0)

පාපැදි තරගාවලිය 19 වැනිදා මොණරාගලදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.